ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

පොහොට්ටුවේ ජාතිවාදයට යටත් වෙන්න බෑ !

රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කරගනිමින් ඉදිරියට යාමට නම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්තිවලට යටත් නොවී සන්ධානගත විය යුතු බව ශ්‍රීලනිප සුරැකීමේ සංවිධානය පවසයි. ඊයේ (15) පැවති මාධ්‍ය හමුවක් අමතමින් අක්මීමන ශ්‍රීලනිප සංවිධායක යූ.ජී. ආරියතිලක මහතා පැවසුවේ ශ්‍රීලනිපය ඉදිරියට ගෙන යා යුත්තේ බණ්ඩාරනායක ප්‍රතිපත්ති බවත් එසේ නොමැතිව ශ්‍රීලනිපයට අනාගතයක් නොමැති බවත්ය.

ඊට පටහැණිව ජාතිවාදී අදහස් ඇති පොහොට්ටුවේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙනගියහොත් එයින් රටට යහපතක් සිදු නොවන බවයි ඒ මහතා පෙන්වා දුන්නේ.මෙම මාධ්‍ය හමුවට ශ්‍රීලනිප ආසන සංවිධායකවරුන් 09 දෙනෙකු ඇතුළු පිරිසක් සහභාගී වූහ.

ශ්‍රීලනිපය ආරක්ෂා කරගැනීම සඳහා කරුණු 05කින් යුත් ප්‍රතිපත්ති මාලාවක් ද තමන් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාරදුන් බව ඔවුහු ප්‍රකාශ කළහ.