ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

ඉන්ධන මිල ගණන් පහළට

ඊයේ(10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් පහත දමා තිබෙනවා. ඒ අනුව ඔක්ටේන් 92 සහ 95 පෙට්‍රල් රුපියල් 2 කින්ද ඕටෝ ඩිසල් රුපියල් 2 කින් සහ සුපර් ඩිසල් රුපියල් 3කින් අඩුකර තිබෙනවා

ඒ අනුව මේ දක්වා රුපියල් 125 කට අලෙවි කෙරුනු ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 123ක් සහ රුපියල් 149 කට අලෙවි වූ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 147ක් වනු ඇත. ඔටෝ ඩිසල් ලිටරයක මිල රුපියල් 101යේ සිට රුපියල් 99ක් දක්වා සහ සුපර් ඩිසල් ලීටරයක මිල රුපියල් 121 සිට රුපියල් 118 දක්වා පහත දමා තිබේ.

ඉන්ධන මිල සෑම මසකම 10 වැනි දින සමාලෝචනය කිරීම යටතේ මෙවර ද මිල අඩු කරන ලද නමුත් ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉන්ධන මිල වැඩිවීමේ ප්‍රවණතාවක් පවතින බව රජය අවධාරණය කරයි.