ITN නියෝජ්ය සාමාන්යධිකාරී තනතුරකට හිතවතෙකු පත් කල බවට ඇමති මංගල පාර්ලිමේන්තුවේදී පිළිගනී
ස්වාධීන රූපවාහීනි සේවක විරෝධයට හේතුවක් වූ නියෝජය සාමාන්යධිකාරී සුභාෂ් ජයවර්ධන මහතා පත් කලේ තමන් බව විෂය භාර අමාත්ය මංගල සමරවීර මහතා ඊයේ(09) පාර්ලිමේන්තුවේදී පිළිගනු ලැබුවේය. ක්රියාපටිපාටියෙන් පිට දේශපාලන පත්වීමක් ස්වාධීන රූපවාහිනියට සිදු නොකල බවට ප්රථමයෙන් සමරවීර මහතා ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්රී අනුර දිසානායක මහතා ට පිළිතුරු ලබාදෙමින් ප්රකාශ කලද අනුර දිසානායක මහතා නම් ප්රසිද්ධ කිරීමත් සමග එය වෙනස් කර තමා දේශපාලන පත්වීම් ලබාදුන් බව සමරවීර මහතාට පිලිගැනීමට සිදු වුණා.
එම සංවාදය පහතින්
උපුටා ගැනීම ඒෂියන් මිලර්