ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

පොහොට්ටුව හා ශ්‍රිලනිප, ජවිපෙ සමග එක්ව තංගල්ල නගර සභාවේ එජාප අයවැය පරාජය කරයි.

එක්සත් ජාතික පක්ෂයට පාලන බලය හිමි තංගල්ල නගර සභාවේ 2019 වර්ෂයට අදාළ අයවැය ඊයේ (05) වැඩි ඡන්ද 03 කින් පරාජයට පත්වී තිබේ. ඒ අනුව ඊයේ (05) පැවති ඡන්දයේදී අයවැයට පක්ෂව ඡන්ද 07 ක් හා විපක්ෂව ඡන්ද 10 ක් හිමීව තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ එක්ව ඡන්දය භාවිතා කරමින් මෙසේ එක්සත් ජාතික පක්ෂයට බලය හිමි තංගල්ල නගර සභාවේ අයවැය පරාජය කිරීම කැපී පෙනේ.