ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද(27) අත්අඩංගුවට..?
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණත්න මහතා අද (27) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කැඳවා තිබේ.අද පෙරවරු 10.00ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ පෙනී සිටින ලෙස ඒ මහතාට දැනුම් දී ඇත.
කප්පම් ගැනීම සඳහා පුද්ගලයින් 11 දෙනෙකු පහැරගෙන ගොස් අතුරුදන් කිරීම පිළිබඳ නඩුවේ ප්‍රධාන සැකකරුවකු වන නේවි සම්පත් නමැත්තාට රැකවරණ ලබාදීම සහ රටින් පළායාමට ආධාර අනුබල ලබාදීම සම්බන්ධයෙන් එවකට හිටපු නාවික හමුදාපතිවරයා වන රවීන්ද්‍ර විජේගුණරත්න මහතාට චෝදනා එල්ල වී තිබිණ.
ඔහුව අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන මෙන් කිහිපවතාවක් ම අධිකරණය නියෝග නිකුත් කළමුත් මේ දක්වා ඔහුව අත් අඩංගුවට ගැනීමට නොහැකිවූයේ රටේ ඉහළම තැනින් ඔහුට ලැබුණු දේශපාලන රැකවරණය නිසා බව රටට රහසක් නොවේ.
එසේම මෙම විමර්ශන කටයුතු සිදුකළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා මීගමුව පොලිසියේ සාමාන්‍ය රාජකාරි සඳහා ස්ථාන මාරු කර යැවීමට ද ජනාධිපතිවරයාගේ උපදෙස් මත පොලිස්පතිවරයා ක්‍රියා කර තිබුණු මුත් අවසානයේ පොලිස් කොමිසම විසින් එම ස්ථාන මාරුව අවලංගු කරන ලදී.
නිශාන්ත සිල්වා මහතාට එල්.ටී.ටී.ඊ. සම්බන්ධකම් ඇති බවට ද ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා පොලිස්පතිවරයා හරහා චෝදනා එල්ල කර තිබූ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර තිබිණි.
මේ අතර මෙම නඩුවේදී තමන්ට එරෙහිව සාක්ෂි දුන් ගලගමගේ ලක්සිරි නම් නාවික හමුදා නිලධාරියාට පෙරේදා දිනයේදී නාවික හමුදා මූලස්ථානයේදී තම සහචරයින් ලවා පරදීමට ද රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ක්‍රියාකර තිබූ බවට වාර්තා විය.
ඒ අනුව අපරාධ සැකකරුවකුට රැකවරණ ලබාදීම, ඔහුට අයථා ආකාරයෙන් මුදල් ලබාදීම, ඔහුට නිතිවිරෝධී ලෙස රටින් පිටවීම සඳහා ආධාර අනුබලදීම, අපරාධ විමර්ශන කටයුතුවලට සහයෝගය නොදීම, අධිකරණය මඟ හැරීම යනාදී චෝදනා ගොන්නට රවීන්ද්‍ර විජේරත්න මහතා සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමේ චෝදනාව ද එක් කරගෙන සිටී.
නීතියේ ආධිපත්‍ය පිළිබඳව වේදිකා දෙදරවන දේශපාලන කතා මැද රටේ ඉහළම ආරක්ෂක නිලධාරියා සම්බන්ධයෙන් එම නීතිය ක්‍රියාත්මක වන්නේ කවර ආකාරයෙන් ද යන්න ජනතාව අවධායෙන් බලා සිටී.
(LNW)