ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවත් සමග මහින්දගේ මාධ්‍ය ලොක්කන් ආයතන හැරදා පලායයි.

ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවත් ලබාදීමත් සමග කුමන්ත්‍රණය හරහා ආණ්ඩුවේ බලය අත්පත් කරගත් මහින්දගේ මාධ්‍ය ආයතන වෙත කඩා වැදුණු නඩය මාධ්‍ය ආයතන හැරගොස් එම ආයතන ආරාජිකව ඇති බව වාර්තා වෙයි. ලැබී ඇති වැඩිදුර තොරතුරුවලට අනුව සෝමරත්න දිසානායක, සරත් කෝන්ගහගේ, දිනේෂ් දොඩංගොඩ, වසන්ත ප්‍රිය රාමනායක, සංජීව එදිරිමාන්න, සුදර්මන් රදලියගොඩ යන කුමන්ත්‍රණ ආණ්ඩුවේ සිටි මාධ්‍ය ප්‍රධානීන් මෙසේ මාධ්‍ය ආයතන අත්හැර ගොස් ඇති අතර ඔවුන්ගේ ජංගම දුරකථන පවා ක්‍රියා විරහිත කරගෙන ඇත.

එම ආයතන ආරංචිමාර්ග සඳහන් කරන්නේ ස්වාධීන රූපවාහිනිය, ජාතික රූපවාහිනිය සහ ලේක් හවුස් ආයතන සඳහා කඩාවැදුණු පිරිස් අධිකරණ තීරණය නිකුත්වීමත් සමඟ අතුරුදහන්ව සිටින බවත් අවම වශයෙන් දෛනික කටයුතු පවත්වාගෙන යාම සම්බන්ධව පවා උපදේශක ලබා ගන්නට ආයතන තුල කිසිවකු නොමැති බවය.

මේ අතර එක් රාජ්‍ය මාධ්‍ය ප්‍රධානියකු අප සහෝදර මාධ්‍යවේදියකු අමතා  ” මම බෑ කියද්දී අර පිස්සා මට බලකරා. දැන් රෙදිත් නෑ” කියමින් ජනාධිපති සිරිසේනගේ හතර වරිගයටම බැන වැදී ඇති බවත් වාර්තා වෙයි.