ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

‘කවුද අඩෝ හූ කියන්නෙ’ අධිකරණයේදී වාසුට හූ සංග්‍රහයක් ! වාසුට මල පනී ! (වීඩියෝ)

අද(12) අධිකරණයට පැමිණි අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාට එක්තරා පිරිසකගෙන් විරෝධය එල්ල විය. එම පිරිසගෙන් ඇමතිවරයාට හූ සංග්‍රහයක් ලැබුණු අතර ඉන් ඇමතිවරයා අතිශය කලබලයට පත්විය.
ඇමතිවරයා මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදුකර පිටත්ව යන අවස්ථාවේදී මෙම හූ සංග්‍රහය එල්ල වූ අතර වාසුදේව ඇමතිවරයා කෝපයට පත්ව ‘අඩෝ හූ කියන්නෙ කව්ද’ කියමින් හූ කිව් පිරිස වෙත දිව ගියේ ඔහුට සුපුරුදු සුද්ද සිංහල වචන කිහිපයක් ද ඊට එකතු කරමිනි. ඉන්පසු ‘උඹලාට කලින් අපි අධිකරණෙට ආවෙ. අපිට අධිකරණෙදි හූ කියන්න අයිතියක් තියනවද උඹලාට’ යනුවෙන් පවසමින් ඔහු අධිකරණ භූමියෙන් පිටවත්ව ගියේය.

කවුද අඩෝ හූ කියන්නෙ..! වාසුට අලුත්කඩේදී හූ සංග්‍රහයක්..! – (වීඩියෝ)

කවුද අඩෝ හූ කියන්නෙ..! වාසුට අලුත්කඩේදී හූ සංග්‍රහයක්..! – (වීඩියෝ)

Posted by ColomboXnews on Monday, 12 November 2018