ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

“මහින්දට 113 නැති නිසා රනිල්ට නැවත අගමැති වෙන්න දෙන්න එපා” – ජනපති මනෝ ගනේෂන්ගෙන් ඉල්ලයි – (VIDEO)

මහින්ද රාජපක්ෂ මහතාට අගමැතිවරයා ලෙස පාර්ලිමේන්තුවේ 113 සකස්කර ගැනීම අපහසු බැවින් ඔහු පරාජයට පත්වී නැවත අගමැතිවරයෙකු තෝරා ගැනීමේදී රනිල් වික්‍රමසිංහ මහතාව අගමැතිධූරයට පත්කර ගැනීමෙන් වළකින ලෙස ජනාධිපතිවරයා ඉල්ලා සිටි බව හිටපු අමාත්‍ය මනෝ ගනේසන් මහතා පවසයි.

දමිළ ප්‍රගතිශීලි සන්ධානය හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර අද (07) ජනාධිපති නිල නිවසේදී පැවති විශේෂ සාකච්ඡාවෙන් අනතුරුව හෙතෙම මේ බව පැවසීය

සිය නිළ ට්විටර් ගිණුමේ පණිවුඩයක් තබමින් ඔහු මේ බව පවසා තිබේ.

කෙසේ වෙතත් නව ආණ්ඩුවට එක්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ආරාධනය තමන් ප්‍රතික්ෂේප කළ බවද ඔහු මෙහිදී සඳහන් කර තිබේ.

.

එහිදී ජනාධිපතිවරයා විසින් ඉල්ලීම් තුනක් ඉදිරිපත් කළ බව හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ඒ් අනුව එහි පළමුවැන්න ලෙස ප්‍රබල අමාත්‍යධූර සමඟින් දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ මන්ත්‍රීවරු හයදෙනාම නව ආණ්ඩුවට එක්වන ලෙස ජනාධිපතිවරයා ඉල්ලීම් කර තිබේ. දෙවැනි ඉල්ලීම වශයෙන් සිදුකර ඇත්තේ පාර්ලිමේන්තුවේ ජන්දය විමසන අවස්ථාවේදී ජන්දය දීමෙන් වැළකී සිටින ලෙසයි.

ඉහත ඉල්ලීම් ඉටුකල නොහැකිනම් තෙවැනි ඉල්ලීම වශයෙන් සිදු කර ඇත්තේ අගමැතිධුරය වෙනුවෙන් කිසිවිටෙකත් රනිල් වික්‍රමසිංහ මහතා පත් නොකරගන්නා ලෙසයි.

ශිෂ්ඨ සම්පන්න දේශපාලන පක්ෂයක් ලෙස, තමන් සහ තම පක්ෂයේ මන්ත්‍රීවරුන් 6දෙනා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවූ බව දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක  මනෝ ගනේෂන් සඳහන් කරයි.

එම වීඩියෝව පහතින්,

"රනිල්ට අගමැති වෙන්න දෙන්න එපා" – ජනපතිගෙන් ඉල්ලීමක්

මහින්ද රාජපක්ෂ මහතාගේ අගමැතිධූරයට එරෙහිව එක්සත් ජාතික පෙරමුණෙන් ඉදිරිපත් කිරීමට නියමිත විශ්වාසභංග යෝජනාවේදී මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත්වුවහොත් රනිල් වික්‍රමසිංහ මහතාව අගමැතිධූරයට පත්කර ගැනීමෙන් වළකින ලෙස ජනාධිපතිවරයා ඉල්ලා සිටි බව හිටපු අමාත්‍ය මනෝ ගනේසන් මහතා පවසයි.

Posted by ඒෂියන් මිරර් – Asian Mirror on Wednesday, 7 November 2018