ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

“මම වැඩ කරන්නේ ජනාධිපති කියන විදිහට” – එජාප මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව දිය නොහැකියි – පූජිත කියයි

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් තමන්ගෙන් ඇමති ආරක්ෂාවක් ඉල්ලා ඇතත් එය සිදුකළ නොහැකි බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවසයි. තමන්ට  ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ලැබී ඇති උපදෙස් හ ලබාදී ඇති චක්‍ර ලේඛණ අනුව කටයුතු කරන බවත් ඔහු සඳහන් කළේය. පොලිස් මූලස්ථානයේ  අද(07) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

පොලිස් දෙපාර්තමේන්තුව කටයුතු කරනු ලබන්නේ, විධායකයේ ප්‍රධානියා සහ නිතීය හා සාමය හා පිළිබඳ අමාත්‍යාංශයේ ප්‍රධානියා ලෙස ජනාධිපතිවරයා උපදෙස් හා නියෝග මත පමණක් බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී  නලින් බණ්ඩාර මහතා ඇතුළු  එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු  කිහිප දෙනකු  ආක්ෂාව ඉල්ලා   පොලිස්පතිවරයාගෙන් කළ ඉල්ලීම් සම්න්ධයෙන් අදහස් දක්වමින්  පොලිස්පතිවරයා කළේය.