ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

කැබිනට් ඇමැතිකමක් වෙනුවෙන් විමල්ගේ පක්ෂය ඇතුලේ කචල්.

ජාතික නිදහස් පෙරමුණේ විමල් වීරවංශ හෝ ජ්‍යෙෂ්ඨයකු හෝ කැබිනට් මණ්ඩලයට යායුතු බවත් දැනටමත් එකාබද්ධය නියෝජනය කල දිනේෂ් හා වාසුදේව වැනි අය ඇමතිධුරවල දිවුරුම්දී ඇති තත්වයක් තුල තම පක්ෂයට එම අවස්ථාව ලබාගත යුතුබවට පක්ෂය අභ්‍යන්තරයේ මේ වනවිට අර්බුදයක් හටගෙන ඇතිබව වාර්තාවේ.

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා කැබිනට් අමාත්‍යධුරයක් බාර නොගැනීමට ගත් තීරණයත් සමග එම පක්ෂය තුළ ඇමැති ධූරය වෙනත් අයෙකුට ලබා ගැනීම වෙනුවෙන් මෙම අර්බුදය හටගෙන තිබේ. විමල් වීරවංශ අමාත්‍ය ධුරයක් ලබා නොගන්නේ නම් ජාතික නිදහස් පෙරමුණේ ජ්‍යෙෂ්ඨයකු හෝ කැබිනට් මණ්ඩලය නියෝජනය කළයුතු බවට ජාතික නිදහස් පෙරමුණ තුළ සංවාදයක් මතුව තිබේ.

මෙහිදී කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා ප්‍රකාශ කර ඇත්තේ විමල් වීරවංශ අමාත්‍යධුරයේ දිවුරුම් නොදෙන්නේ නම් තමා කැබිනට් අමාත්‍යධුරයක දිවුරුම් දීමට සුදානම් බවයි.

පක්ෂයක් ලෙස රටක ඉදිරි ගමනේදී එහි යහපැවැත්ම සඳහා සහාය වීමට නම් බලපෑම් කිරීමේ ශක්තියක් පක්ෂයකට තිබිය යුතු බවත් එවැනි කටයුතුවලදී කැබිනට්ටුව නියෝජනය කිරීම පක්ෂයක් ලෙස අත්‍යවශ්‍ය යැයි පක්ෂය තුළින් අදහස් මතු වී ඇති බවත් එම ආරංචි මාර්ග පැවසී ය. ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ඇමතිධුරය ලබානොගන්නේනම් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයකු හෝ කැබිනට් මණ්ඩලය නියෝජනය කළ යුතුය යන මතයේ බහුතර පිරිසක් සිටින බවත් වාර්තා වේ.

මේ පිළිබඳ ජාතික නිදහස් පෙරමුණේ අවසන් තීරණය නුදුරේදීම ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.