NewsSlider බැසිල් රාජපක්ෂගේ ‘මල්වාන ඉඩමේ’ නඩුව යලිත් කල්යයි. October 13, 2018 Kamal Dhammika හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට එරෙහිව ගම්පහ මල්වාන ප්‍රදේශයේ ඉඩමක් මිලට ගෙන එහි සුවිසල් නිවසක්, පිහිනුම් තටාකයක් සහ ගොවිපලක් ඉදිකිරීම සම්බන්ධයෙන් පවරා ඇති නඩුව නොවැම්බර් මස 14 වනදා යළිත් විභාගයට ගැනීමට අධිකරණය ඊයේ (12) තීරණය කරනු ලැබීය. විත්තිකරුවන් දෙදෙනා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥවරු දෙදෙනා අගවිනිසුරුගේ විශ්‍රාම යාම සම්බන්ධයෙන් පැවැත්වෙන උත්සවයට සහභාගී වීම හේතුවෙන් නඩු විභාගයට වෙනත් දිනයක් ලබා දෙන ලෙස නිතිඥ නවීන් මාරපන මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව නඩු විභාගය නොවැම්බර් මස 14 වෙනිදාට කල් තැබූ මහාධිකරණ විනිසුරුවරයා ඉදිරි නඩු විභාගයන්ට දින කතිකා කරගෙන එදිනයට (නොවැම්බර් 14) මහාධිකරණයට දැනුම් දෙන ලෙස පැමිණිල්ල මෙහෙයවන රජයේ නියෝජ්‍ය සොලිස්ටරි ජනරාල් තුසිත් මුදලිගේ මහතාට සහ විත්තියේ නීතිඥ මණ්ඩලයට දන්වා සිටියේය. Post Views: 585 Share on Facebook Share Share on TwitterTweet Share on Pinterest Share Share on LinkedIn Share Send email Mail Print Print