මහ ඇමති ඉසුරව පිළිගන්න ආ පාසැල් සිසුවාට බැණවැදී පලවාහරී – (VIDEO)
බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා ඊයේ සේදවත්ත සිද්ධාර්ථ මහා විද්‍යාලයේ උත්සවයකට සහභාගී වු අවස්ථාවේ එම උත්සවයේ ඒ මහතාව පිළිගැනීම සඳහා පැමිණි සිසු දරුවෙකුට බැණවැදී ඔහුව පලවාහැර තිබේ.
“ඕක නතර කරන්න ඕනා. බුලත් කෑලි දෙක තුනක් අරන්. ඕක අරන් යන්න. ගිහිල්ලා ප්‍රින්සිපල්ට ගේන්න කියන්න. උදේ පාන්දර බුලත් කෑලි දෙක තුනක් උස්සන් එනවා.” යනුවෙන් එහිදී මහඇමතිවරයා අදාල සිසුවාට පවසා තිබේ.
අනතුරුව උත්සව සභාව අමතමින් ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
“පහුගිය කාලේ පළාත් සභාව අල්ලාගෙන අපිට පහර පිට පහර දුන්නා. හරියට නිකන් මීහරක් ඉන්න මෝඩයෝ ඉන්න පළාත් සභාවක් හැටියට තමයි ඇතැම් මාධ්‍ය මේ කියන්නේ මොළේ නැති අය ඉන්න පළාත් සභාවක් හැටියට තමයි මේ රටේ ජනතාවට ඇතැම් මාධ්‍ය අපිව හඳුන්වලා දෙන්න උත්සාහ කළේ.”
එම වීඩියෝව පහතින්,
පාසල් සිසුන් ඉදිරියට ගිය "ආදර්ශවත්" මහ ඇමති
පාසල් සිසුන් ඉදිරියට ගිය "ආදර්ශවත්" මහ ඇමති#lka #IsuraDevapriya #News1st
Posted by Newsfirst.lk on Thursday, 4 October 2018