ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

මැගසින් බන්ධනාගාරයේ ‘එච්’ වාට්ටුවේ සිටින ඇලෝසියස් ලග තිබී ජංගම දුරකථන 03ක් අත්අඩංගුවට

කොළඹ මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් හා එහි ප්‍රධාන විධායක කසුන් පලිසේන යන දෙදෙනා රඳවා සිටින බන්ධනාගාරයේ “එච්” වාට්ටුවේ ජංගම දුරකතන භාවිතා කරමින් සියලුම පහසුකම් භුක්ති විඳින බව එම බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි. ජංගම දුරකතන භාවිතා කරමින් අර්ජුන ඇලෝසියස් ඉහළ දේශපාලනඥයන් සමඟ විවිධ සබඳතා පවත්වන බව රාජ්‍ය බුද්ධි අංශ විසින් අනාවරණය කරගෙන ඇතැයි වාර්තා වේ.

ඉකුත්දා “ඊ හා එච්” සිර වාට්ටුවේ සිදුකළ හදිසි පරීක්ෂාවකදී සඟවා තිබූ ජංගම දුරකතන 3ක් අත්අඩංගුවට ගෙන ඇතැයිද පැවසේ. මෙම දුරකථන අර්ජුන ඇලෝසියස් හට ලැබුණේ කෙසේද යන්න සම්බන්දයෙන් මේවනවිට පරීක්ෂණයක් පැවැත්වේ.

මෙම සැකකරුවන් දෙදෙනා මුලින්ම එම බන්ධනාගාරයේ “ඊ” වාට්ටුවේ රඳවා සිට මෑතකදී “එච්” වාට්ටුවට මාරුකර යවා ඇතැයිද වාර්තා වෙයි. මොවුන් දෙදෙනා සමඟ එල්ටීටීඊ සැකකරුවන් සහ පාතාල සාමාජිකයින් 60ක් පමණ “ඊ” හා “එච්” දරණ සිර වාට්ටු දෙකේ රඳවා ඇතැයිද සඳහන් වේ.