ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

මහින්ද පාලන සමයේ පකිස්ථාන් සිසුන් ආණ්ඩුවේ වියදමින් SAITM ආයතනයට දාලා

මහින්ද රාජපක්ෂ පාලන සමයේදී (2012/2013) පේරාදෙණිය විශ්වවිදයාලයේ කෘෂිකර්ම පීඨයේ ලියාපදිංචි වූ පකිස්ථානු ජාතික සිසුන් දෙදෙනෙකු උසස් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් SAITM ආයතනයේ ලියාපදිංචි කර රුපියල් මිලියන 03ක් වියදම්කර ඇති බව ඊයේ පාර්ලිමේන්තුවේදී හෙලිදරව් විය. රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සිව්වන වාර්තාව ඊයේ (19) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අවස්ථාවේදීය.

රජයේ ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ 2012/2013 අධ්‍යයන වර්ෂයේදී පේරාදෙණිය විශ්වවිදයාලයේ කෘෂිකර්ම පීඨයේ ලියාපදිංචි වූ පකිස්ථානු ජාතික සිසුන් දෙදෙනාගේ ලියාපදිංචිය සම්බන්දයෙන් ගැටළුවක් මතුවූ අවස්ථාවේ වෙනත් විශ්ව විද්‍යාලයක පාඨමාලාවක් සදහා යොමු කිරීමට තීරණය කර ඇත. එහිදී වෙනත් විශ්ව විද්‍යාලයක පාඨමාලාවකට ඇතුළත් කිරීමට උත්සාහයක් දැරුවද එම සිසුන් දෙදෙනාට මෙරට කිසිඳු විශ්වවිද්‍යාලක පාඨමාලාවක් සොයාගැනීමට නොහැකි වු බව උසස් අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

මෙහිදී සයිටම් ආයතනය ඉදිරිපත්වී මෙම සිසුන් දෙදෙනා තම ආයතනයේ වෛද්‍ය උපාධි පාඨමාලාව සදහා බදවා ගැනීමට ඉදිපත්වු බවත් ඔවුන්ගේ වියදම් ලෙස 2012 සිට රුපියල් මිලියන 03ක මුදලක් අමාත්‍යංශය දරා ඇති බවද ගිණුම් කාරක සභා වාර්තාවෙන් අනාවරණයවේ. මෙම සිසුන් දෙදෙනාගේ නේවාසික පහසුකම් හා ආහාරපාන සඳහා මෙන්ම අනෙකුත් වියදම් දරා ඇත්තේද උසස් අධ්‍යාපන අමාත්‍යංශය බව තහවුරුවී ඇත.