ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

ඥානසාර හිමිත් ඇලෝසියස්ගෙන් යහමින් කාලා…!

ප්‍රශ්න ගත භාණ්ඩාගාර බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් යන අය බොදු බල සේනා සංවිදානයේ මහලේකම් පුජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ මැතිවරණ වියාපාරයට මුදල් ලබාදී ඇති බව වාර්තා වේ.

බැදුම්කර වාර්තාවේ දැනට ප්‍රසිද්ධ කර නැති පිටුවල බොදු බල සේනා සංවිදානයේ ගලගොඩඅත්තේ ඥානසාර හිමි, විතාරන්දෙණියේ නන්ද හිමි, දිලන්ත විතානගේ යන අයගේ නම් සඳහන්ව ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා පවසයි….

පසුගිය කාලයේදී මුස්ලිම් විරෝදී කතා පවත්වමින් රටේ ජාතිවාදය ඇති කල මෙම පුද්ගලයන් අර්ජුන් ඇලෝසියස් සමඟ ගණුදෙනු කර තිබෙන ආකාරය ඉන් පැහැදිලි වන බවද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

කොමිසන් සභා වාර්තාවේ පිටු සමාජයට මුදාහැරිය විට මොවුන්ගේ සැබෑ ස්වභවය හෙළිවනු ඇති බවද හෙතෙම සඳහන් කළේය.