ColomboXnews

News | Gossip | Political | Entertainment

FacebookNewsSlider

face book ව්‍යාජ ගිණුම් ගැන පැමිණිලි තවදුරටත් ඉහළට

සමාජජාලා මාධ්‍යවල ව්‍යාජ ගිණුම් භාවිත කිරීම සම්බන්ධයෙන් තවදුරටත් වැඩිවශයෙන් පැමිණිලි ලැබෙමින් පවතින බව පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා.
එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා සඳහන් කළේ පසුගිය මාස 3 තුළදී පමණක් අන්තර්ජාල සිද්ධින් සම්බන්ධයෙන් පැමිණිලි 720 ක් ලැබී තිබුණ බවයි.
ඉන් සියයට 80 ක් පමණ ව්‍යාජ ගිණුම් සම්බන්ධයෙන් වාර්තා වී තිබෙන බව ද හෙතෙම කියා සිටියා.