ColomboXnews

News | Gossip | Political | Entertainment

MythNewsSlider

“වඳ භාවයට” පත් කළ හැකි පෙත්තක් මෙතෙක් සොයාගෙන නැහැ’ – ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය

“පෙති” මිශ්‍ර කර වඳ භාවයට පත් කරන බවට පවතින මතයේ කිසිඳු වෛද්‍ය විද්‍යාත්මක පදනමක් නොමැති බව ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරුන් පිරිසක් පෙන්වා දෙති. බටහිර වෛද්‍ය ක්‍රමය අනුව වඳභාවය ඇති කළ හැකි පෙත්තක් සොයා ගෙන නැති බව ප්‍රජනන වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය චන්දිකා විජේරත්න මහත්මිය අද (15) ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මාධ්‍ය හමුවක දී පැවසීය. මෙම මාධ්‍ය හමුවට ස්වේච්ඡාවෙන් කරුණු දැක්වීම සදහා  වෛද්‍යවරු රැසක්ද සහභාගි විය.

ආහාර සමඟ වඳ පෙති මිශ්‍ර කිරීමෙන් වඳභාවය ඇති කළ හැකි බවට අනියත බියක් සමාජ වෙබ් අඩවිවල ඇතිව තිබෙන හෙයින් ඒ ගැන සත්‍ය තත්ත්වය පෙන්වා දීම අපේ යුතුකම යැයි මේ මතය විද්‍යාත්මක වශයෙන් කිසිදු පදනමක් නැති බවත් සඳහන් කළ ඇය ඖෂධ පෙති , කුඩු හෝ එන්නත් මගින් කණඩායමක් හෝ ජනවර්ගයක් වද බවට පත් කිරීම ප්‍රයෝගිකව කෙසේවත් කළ නොහැකිය.

දැනට පාවිච්චිය සදහා ඇති සියළුම උපත් පාලන පෙති සහ එන්නත් ස්ත්‍රීන්ගේ පාවිච්චිය සදහා පමණක් වන අතර එයින් කෙරෙන්නේ ගැබි ගැනීමේ හැකියාව තාවකාලිකව වැලැක්වීම පමණි පුරුෂයන්ගේ තාවකාලික වඳ බාවයක්  ඇති කළ හැකි උපත් පාලන ගිලින පෙත්තක් දැනට ලොව කිසිම තැනක නොමැත. යනුවෙන්ද ඇය පැවසුවාය.

මේ අතර “සැකෙවින් කිවහොත් කිසියම් ජන කණ්ඩායමක හෝ ජනවර්ගයක සරුබවට සැලකිය යුතු බලපෑමක් ඇති කළ හැකි ඖෂධ බටහිර වෛද්‍ය විද්‍යාවේ නොමැති අතර එසේ කළ බවට කිසිඳු විද්‍යාත්මක සාක්ෂියක් නොමැති බව ද අපි අවධාරණය කරන්නෙමු” යනුවෙන් විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු සියයකට අධික ප්‍රවීණයන් පිරිසක් විසින් බ්‍රහස්පතින්දා (මාර්තු 15) නිකුත් කරන්න ලද නිවේදනයක දැක්වේ.

වඳ පෙති

ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධ ප්‍රජාව “වඳ කිරීම” සඳහා ඇතැම් මුස්ලිම් කණ්ඩායම් කටයුතු කරන බවට සිංහල බෞද්ධ දැඩි මතධාරී කණ්ඩායම් අතර ද එවැනිම මතයක් පවතී.

මුස්ලිම් ජනගහනය ඉහළ නැංවීමේ අරමුණින් මුස්ලිම් අන්තවාදී කණ්ඩායම් එසේ කරන බවට දැඩි මතධාරී සිංහල බෞද්ධ කණ්ඩායම් චෝදනා කරති.

මුස්ලිම්වරුන්ට අයත් ආපන ශාලා විසින් ආහාරවලට “වඳ පෙති” එක් කරනු ලබන බව සහ මුස්ලිම්වරුන්ට අයත් නිමි ඇඳුම් වෙළෙඳසල්වල අලෙවි කරන කාන්තා යට ඇඳුම්වල “වඳ භාවයට” පත් කළ හැකි රසායන ගල්වා ඇති බව දැක්වෙන ඡායාරූප සහ අදහස් ෆේස්බුක් ඇතුළු සමාජ ජාල තුළ දක්නට ලැබේ.