අර්ජුන් මහේන්ද්‍රන්ට වරෙන්තු
ප්‍රශ්නගත බැඳුම්කර වෙන්දේසිය වන සමයේ මහ බැංකුවේ අධිපතිව සිටි අර්ජුන් මහේන්ද්‍රන් මහතා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කරමින් කොටුව ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (15) නියෝගයක් නිකුත් කළේය.
බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන පරීක්ෂණයකට දාළව අධිකරනයේ පවතින නඩුවේ ප්‍රධාන සැකකරුවෙකු වන අර්ජුන් මහෙන්ද්‍රන් මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සමීපතමයෙකි.
පසුගිය දිනවල අවස්ථා කිහිපයකදීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්මේන්තුවේ පෙනී සිටින ලෙස ඔහුට අධිකරණය නියෝග කළද ඔහු මේ වනවිට රටෙනුත් පලා ගොස් ඇත.