Face book මගින් ජාතිවාදය හා අසත්‍ය ප්‍රචාර පතුරුවන අයට දැඩි දඩුවම්.
මේ සදහා විශේෂ කණ්ඩායමක් පත්කර ඇති අතර ෆේස්බුක්, වට්ස්ඇප්, වයිබර්, මැසෙන්ජර් ආදී සමාජ ජාලයන් ඔවුන්ගේ දැඩි සෝදිසියකට ලක් කිරීමට නියමිතව තිබේ.
එහිදී කිසිවතු හෝ ජාතිවාදය හෝ අසත්‍ය ප්‍රචාර පතුරුවා හරින්නේ යයි තහවුරු වුවහොත් හදිසි නීතිය යටතේ ලබා දිය හැකි උපරිම නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට රජය තීන්දුකර තිබේ.
‘භාෂණයේ නිදහසට කිසිම බාධාවක් නෑ’
කෙසේවුවද මේ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවයට අදහස් දැක්වූ නීතිවේදී චන්ද්‍රපාල කුමාරගේ මහතා, ප්‍රජාතන්ත්‍රවාදීව අදහස් පළ කිරීමේ හෝ ආණ්ඩුව විවේචනය කිරීමේ අයිතිය හදිසි නීතිය මගින් කිසිදු ආකාරයකින් අහෝසි නොකෙරෙන බව අවධාරණය කළේය.
“සාමාන්‍ය ජන ජීවිතයට කිසිම බාධාවක් නෑ. වෛරය පැතිරවීම හැරුනම, භාෂණයේ නිදහසට කිසිම බාධාවක් නෑ.” ඔහු එහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
‘අවශ්‍ය වන්නේ නම් තවත් පියවර’:
මේ අතර බීබීසී සිංහල සේවයට කරුණු පැහැදිලි කළ සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කියා සිටියේ, ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍යජාල හරහා ජාතිවාදී මෙන් ම අවලාද පතුරුවන්නන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බවය.