ColomboXnews

News | Gossip | Political | Entertainment

LeadSlider

මෛත්‍රීගේ ‘ෆොන්සේකා භීතිකාව’ හේතුවෙන් ‘නීතිය හා සාමය’ රාජිතට – Exclusive

නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය, සරත් ෆොන්සේකාට ලබා දීම පිළිබඳව මේ වන විට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන් මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ පිරිසක්ද විරෝධය පළකිරිම නිසා  එය වෙනත් කෙනෙකුට ලබා දීම පිළිබඳව අවධානය යොමුවී ඇතැයි වාර්ථා වෙයි. මෙම තත්වයට හේතුව මෛත්‍රීපාල සිරිසේන හට විවිධ පාර්ශ්‍යවයන්ගෙන් එල්ලවන බපපෑම් බවද වාර්තාවේ.

නීතිය හා සාමය අමාත්‍යංශය සරත් ෆොන්සේකා මහතාට පැවරීමට තීරණය කිරීම සම්බන්ධයෙන් මහින්ද පාර්ශ්වය දැඩි සේ කලබලයට පත්ව ඇති අතර එම තීරණය කණපිට හැරවීම සඳහා ඔවුන් දැඩි උත්සාහයක් ගනිමින් සිටී. නීතිය හා සාමය අමාත්‍යංශය ෆොන්සේකා මහතාට පැවරීමට යනබව දැනගත් මොහොතේ සිට මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ හිවතුන් මෙන්ම ප්‍රධාන සංඝයාවහන්සේලා ජනාධිපතිතුමාට දුරකථන ඇමතුම් මගින් සහ විවිධ පාර්ශ්‍යවයන් හරහා බලපෑම් කරමින් සිටී.
මහින්ද පාර්ශ්වයේ අනෙක් තර්කය වන්නේ ෆොන්සේකා මහතා පෞද්ගලික තරහ පිරිමසා ගැනීමට කටයුතු කරනු ඇති බවයි. 2010 ජනාධිපතිවරණයෙන් පසු රාජපක්ෂ මහතා සිය ප්‍රතිවාදියා වූ සරත් ෆොන්සේකා අසාධාරණ ලෙස අත්අඩංගුවට ගෙන සිරගත කරනු ලැබීය. මෙම තත්වය තුල මහින්ද ප්‍රමුඛ කණ්ඩායම දැඩි භීතියකට පත්ව ඇති අතර මෛත්‍රෟපාල සිරිසේන ජනාධිපතිවරයාද ගැටළුවකට මැදිවසිටී. ශ්‍රිලනිපයේ සමහර ඇමතිවරුද ජනාධිපතිවරයාට මේ සම්බන්දයෙන් කරුණු වාර්තාකර ඇති අතර මේවනතෙක් අවසන් තීරනයක් ගැනීමට ජනාධිපතිවරයාට නොහැකිවී තිබේ.

මුලින් එජාපයේ ඇමතිවර‍යෙක් දැරූ මෙම අමාත්‍යාංශය  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා ගැනීමට උත්සහ කළද එයට එජාපය විරුද්ධවීම නිසා  වෙනත් අයෙකුට ලබා දීම සුදුසු බැවින් ඒ සඳහා රාජිත සේනාරත්න ඇමතිවරයාගේ  නම යෝජනා වී ඇති බවත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. එහෙත් මේ පිළිබඳව අවසන් තීරණයක් ගෙන  නොමැති බවත් පැවසේ.  කෙසේ වෙතත් අද(28) පෙරවරුවේ මේ පිළිබඳව   ජනාධිපතිවරයා හා සරත් ෆොන්සේකා අතර සාකච්ඡාවක් පැවැත්වීමට  නියමිතව තිබූ බවද ආරංචි මාර්ග සදහන් කරයි.

අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා ඊයේ(27) පස්වරු 5 ට පමණ ජනපති හමුවූ අතර, ඔවුන් දෙදෙනා අතර පැවති සාකච්ඡාවේදී නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය තමා වෙත පැවරීම සම්බන්ධයෙන් සරත් ෆොන්සේකා මහතා අවධාරණය කර තිබෙන්නේ නීතිය හා සාමය අමාත්‍යාංශය තමන් භාරගන්නේ විවිධ පුද්ගලයන්ගේ බලපෑම් එම අමාත්‍යාංශය වෙත එල්ල නොවෙන්නේ නම් පමණක් බව ය. ඒ අනුව ඉදිරි සැලසුම් පිළිබඳ දෙදෙනා දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.