ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

‘සයිටම්’ සිසුන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට

‘සයිටම්’ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට අනුයුක්ත කිරීමට  ඊයේ (පෙබ 21) තීරණය විය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමග ජනාධිපති ලේකම් කාර්යාලයේ දී මේ සම්බන්ධ සාකච්ඡාව පැවැත්විණි. ඒ අනුව මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය සඳහා ඇතුළත් කර ගැනීමට තීරණය කළ බව ජනාධිපති කාර්යාලය නිවේදනය කළේය. 

ඒ අනුව, ශිෂ්‍යයින් දහසකගේ පමණ සුදුසුකම් විමසා බැලීමෙන් අනතුරුව කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට අනුයුක්ත කෙරෙනු ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

මෙම තීරණයට එළඹුණු සාකච්ඡාව සඳහා නීතිපතිවරයා, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා මෙන්ම එහි වෛද්‍ය පීඨයේ පීඨාධිපතිවරයා ද සහභාගි වූහ.