ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

TNAට අභියෝගයක්වු මෙවර මැතිවරණය උඩු යටිකුරු කල උතුරේ ජන්ද ප්‍රථිපලය.

මෙම මැතිවරණයෙන් ලද විශ්මය ජනක ප්‍රථිපලය පෙන්වූ එකම පක්ෂය සහ ශ්‍රි ලංකාවේ පැරණිම දෙමළ දේශපාලන පක්ෂය වන ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්ගේ සමස්ථ ලංකා දෙමළ කොංග්‍රසයයි. යාපනය දිස්ත්‍රික්කයේ සමස්ථ ලංකා දෙමළ කොංග්‍රසය – ඡන්ද 63 246යි. (ප්‍රතිශතයක් ලෙස 20%කි)  මන්ත්‍රීධුර 80ක් විවිධ පළාත් පාලන ආයතනවලට යැවීමටද ඔවුන් සමත්ව ඇත.දෙමළ ජාතික සන්ධානය ඡන්ද 105, 947ක්. ( ප්‍රතිශතයක් ලෙස 34% කි.)
යුද්ධය අවසන්ව 2010 මහ මැතිවරණයේදී යාපනයේ ඡන්ද 6362 ක් ලබාගත් සමස්ථ ලංකා දෙමළ කොංග්‍රසය, ආසන්න වශයෙන් තම ඡන්ද ප්‍රමාණය මෙවර 10 ගුණයකින් ඔවුන් වැඩි කරගෙන ඇත. දෙමළ ජාතික සංධානය උතුරේ ජනතාව අතර වේගයෙන් ප්‍රතික්ෂේප වෙමින් පවතින අතර මෙම ප්‍රථිපලය එයට කදිම නිදසුනකි.
ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්ගේ පියා කුමාර් පොන්නම්බලම්ය. ඔහුගේ සීයා චිරප්‍රසිද්ධ ජී.ජී. පොන්නම්බලම් ය. ලංකාවේ පැරණිම දේශපාලන පක්ෂය වන සමස්ථ ලංකා දෙමළ කොංග්‍රසයේ ආරම්භක නායකයාය. චෙල්වනායගම්ගේ වෙන්වීයෑමට පෙර දෙමළ ජනතාවට නායකත්වය දුන් නායකයෙකි. ජී.ජී. පොන්නම්බලම්න් පසුව කුමාර් පොන්නම්බලම් ජනප්‍රිය දෙමළ දේශපාලන නායකත්වයේ අදහස්වලට අභියෝග කළ දේශපාලන නායකයෙක් ලෙස කටයුතු කලේය. එහෙත් දේශපාලන පක්ෂයක් වශයෙන් ජනතාව අතර දැවැන්ත පිළිගැනීමක් පක්ෂයට නොවීය.