ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

සයිටම් වෙනුවට වෙනත් ආයතනයක් – රජයේ විසදුම මෙන්න…!

සයිටම් ආයතනයේ වෛද්‍ය පීඨය සම්බන්ධයෙන් උද්ගත වී ඇති ගැටළුව නිරාකරණය කරගැනීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කළ ජනාධිපති කමිටුව ඉදිරිපත් කර ඇති විසඳුම් ඇතුළත් නිවේදනයක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව   අද (29) නිකුත් කළේය.

ඒ අනුව නෙවිල් ප්‍රනාන්දුගේ හිමිකාරත්වයෙන් යුත් සයිටම් වෛද්‍ය පීඨය අහෝසි කිරීමටත් නීත්‍යානුකූල ලාභ නොලබන ආයතනයක් බිහි කිරීමටත් රජය තීරණය කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින්  රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව  සඳහන් කළේ නව ආයතනය  උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ අධීක්ෂණයෙන් යුතුව ක්‍රියාත්මක වනු ඇති බවයි. එම යෝජනා අනුව වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා හිමිකාරීත්වය දරන ලාභ පදනම් කරගත් ආයතනය අහෝසි කෙරෙන අතර යෝජිත නව රාජ්‍ය නොවන ආයතනය එහි  ආදායම ආයතනයේ සංවර්ධනයට, පර්යේෂණ කටයුතුවලට හෝ ශිෂ්‍යත්ව ලබාදීම සඳහා යෙදවීමට   එම යෝජනාවලියේ සඳහන් කර තිබේ.

මේ අනුව සයිටම් ආයතනයට අලූතින් වෛද්‍ය සිසුන් බඳවාගැනීම අත්හිටුවා ඇති අතර, නව බඳවාගැනීම් සිදුකළ යුතු වන්නේ වෛද්‍ය අධ්‍යාපනය සහ පුහුණුව සම්බන්ධයෙන් වන අවම ප්‍රමිතින්ට අනුකූලව ස්ථාපිත කෙරෙන යෝජිත නව ආයතනය සඳහා බවයි රජය අවධාරණය කළේ.

එකඟවූ වෛද්‍ය අධ්‍යාපනය හා පුහුණුව සම්බන්ධයෙන් වන අවම ප්‍රමිතීන් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ගැසට් කිරීමට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය තීරණය කර තිබෙනවා.

(එම සම්පූර්ණ විස්තර පහතින් )