ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

කථානායකවරයා පළාත් පාලන සංශෝධන පනතට අත්සන් තබයි.

සංශෝධිත පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධිත පනතට ඊයේ (22) කථානායක කරු ජයසූරිය මහතා ස්වකීය අත්සන සටහන් කළ බව කථානායක කාර්යාලය දැනුම් දෙයි.

පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා, මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය සහ සීමා නිර්ණ කොමිසමේ සභාපති අශෝක පීරිස් මහතා අතර පාර්ලිමේන්තු පරිශ්‍රයේ ඊයේ (22) සාකච්ඡාවක් පැවති අතර මෙහිදී කථානායකවරයා දැනුම් දී ඇත්තේ රජය පාර්ලිමේන්තුවට දී ඇති පොරොන්දුව ප්‍රකාරව,  ඉදිරි පළාත් පාලන මැතිවණය ජනවාරි මාසයේ පැවැත්වීමටත් පලාත් සභා මැතිවරණය මාර්තු මාසයේ පැවැත්වීමටත් අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙසයි

පළාත් පාලන ඡන්ද විමසීමේ සංශෝධිත පනත 20 වෙනි බදාදා පාර්ලිම්න්තුමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයකින් සම්මත වූ අතර එම සංශෝධිත පනත මගින් පළාත් සභා තුල කාන්තා නියෝජනය 25%ක් වැඩි කිරීමේ බලය හිමිවේ.