ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

සයිටම් වහන්න අද දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් – ගොවි ගුරු සහ ඛණිජතෙල් සහයත් ලැබෙයි

මාලබේ සයිටම් වෛද්‍ය විද්‍යාලය අහෝසිකරන ලෙස බලකරමින් රජයේ රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන් , සෞඛ්‍ය හා  අධ්‍යාපන ක්ෂේත්‍රවලට අයත් සේවක සේවිකාවන් අද (21) වැඩවර්ජනයක නිරත වනවා. සයිටම් ආයතනය ජනසතු කරන්නැයි බල කරමින් මෙම වැඩවර්ජනය කැඳවා තිබෙන බවයි රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පැවසුවේ. අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ සහ තවත් ක්ෂේත‍්‍ර ගණනාවක වෘත්තිය සමිතිද අද කැඳවා ඇති සිය වැඩවර්ජනයට සහය දක්වන බව මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා ප්‍රකාශ කළේ රෝගීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සදහා වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.

ලංකා ගුරු සේවා සංගමය පැවසුවේ රටපුරා පාසල්වල ගුරුවරුන් අද අසනීප නිවාඩු වාර්තා කර වෛදය වැඩ වර්ජනයට සහාය පළ කරන බවයි. සයිටම් ආයතනය වහාම ජනසතු කළ යුතු බවද ඔවුන් නැවත අවධාරණය කළා.  ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා ප්‍රකාශ කළේ ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් ද වර්ජනයට සහභාගී වන බවයි.

සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ සහ අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ මෙන්ම කෘෂි ක්ෂේත‍්‍රයේ ද සයිටම් විරෝධය ඔඩුදුවා ඇතැයි සමස්ත ලංකා ගොවි ජන සම්මේලනය පවසනවා. ඒ අනුව, ගොවීන් ද අද විරෝධතාවන් හි නිරත වන බවයි එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පැවසුවේ. වෛද්‍යවරුන්ගේ වැඩවර්ජනයට සහය පළ කරමින් අද දිනයේදී කෑම පැයේ විරෝධතාවක නිරත වන බව ඛනිජ තෙල් ශ‍්‍රී ලංකා නිදහස් සේවක සංගමය ද කියා සිටියා.