උමාඔය සටන දියකර හැරීමට සංවිධානයේ හිමිවරුන්ට ලක්ෂ ගණනින් අල්ලස්.
උමාඔය විනාශයට එරෙහිව කටයුතු කරන සංවිධානය දුර්වල කලයුතු බවට ආණ්ඩුව සැළසුම් සකස්කර ඇති බවට ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තාවේ.මෙම සැලසුම් කලකසිට පැවති කුමන්ත්‍රණයක් බවද වාර්තාවේ. මෙි එක් පියවරක් ලෙස ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා පෙබරවාරි මස දිනක රාත්‍රියකදි බණ්ඩාරගම එගොඩගම විහාරස්ථානයේදී රහසිගත සාකච්ජාවක් පවත්වා උමාඔයට එරෙහි සංවිධානයේ හිමිවරුන් පස්දෙනෙකු සදහා රුපියල් ලක්ෂ පහ (500,000) බැගින් පන්දහසේ කොලවලින්ම ලබාදී ඇත.ඉදිරීයේදී තවත් මෙවැනි සම්තෝෂම් ලබාදෙන බවටද එහිදී පොරොන්දුවී තිබේ.
ඒ අනුව උන්වහනසේලාට පැවරි ඇති වගකීම වන්නේ ව්‍යාපෘතිය නැවැත්වීමට බලපෑම් නොකිරීමත් සංවිධානය දියාරුකර හැරීමත්ය. එහෙත් සංවිධානයේ ප්‍රබල ක්‍රියාකාරීත්වය හමුවේ එම කාර්යය කිරීමට ප්‍රදේශවාසීන් ඉඩතබා නොමැත.පසුගිය 28 වනදින බණ්ඩාරවෙලදී පැනනැගුන දැවැන්ත විරෝධතාවය හමුවේ පාලකයින් හා ව්‍යාපෘතිභාර නිලධාරීන්ද ඉරාන සමාගමද බියට පත්වීඇත.සයිටම් විරෝධී අරගලයමෙන් උමාඔය අරගලය ප්‍රබලවීමත් ඒ හමුවේ පාලකයින්ගේ දුර්වල හා වැරදි තීන්දු තීරන සමාජගතවිමත් හරහා ප්‍රබල ආණ්ඩු විරෝධයක් එල්ලවීමත් ඔවුන් මුහුණදෙන ප්‍රධාන අභියෝගයක්වී තිබේ. පැවති මහින්ද රාජපක්ෂ පාලනය මෙන්ම වත්මන් යහපාලන ආණ්ඩුවද මෙම අර්බුදය සදහා එකලෙස දායකවී තිබීම මෙයට හේතුවයි.
දැනට සිදුවඇති විනාශයට ජනතා සංවිධානය ඉල්ලන ඉල්ලිම් ලබාදීමට විශාල මුදලක් වැයකිරීමට සිදුවුවහොත් එය මේ මොහොතේ රජයට දරාගැනිමට නොහැකි බවත් ඉහල දේශපාලන මණ්ඩලයක සාකච්ජාවී ඇත. එබැවින් ආණ්ඩුවේ දේශපාලන ශරීර සෞඛ්‍යට අනුව මෙන්ම බලධාරීන්ගේ ශරීර සෞඛ්‍යයට අනුව අහිතකරලෙස බලපෑම් කරන උමාඔය ව්‍යාපෘතියට එරෙහි සංවිධානය දුර්වල කිරීම මේ මොහොතේ ආණඩුවේ උපක්‍රමයවී ඇත. එම කාර්යය මහින්ද අමරවීර සහ විජිත් විජිතමුණි සොයිසා යන අමාත්‍යවරුන්ට මුලිකව පැවරී ඇත. ඒ අනුව ඔවුන් දෙදෙනා විසින් පෞද්ගලික මට්ටමින් භික්ෂුන් වහන්සේලා කිහිපනමක් සමගද ගිහි නායකයින් කිපදෙනෙකු සමගද මේ පිලිබදව සාකච්ජා කොට ඇත. ඒ අනුව මෙම පාවාදීමට හවුල්වන අයට විවිධ වරදාන හා වරප්‍රසාද ලබාදිමට පොරොන්දුවී තිබේ. ඒ අනුව එම තත්ත්වය හමුවේ ප්‍රදේශවාසි ජනතාවටද උමාඔය ව්‍යාපෘතියට එරෙහි සංවිධානයට මෙන්ම එහි නායකත්වයට අභියෝගයක් පැනනැගී ඇත.
උමාඔය සටන දියකිරීමේ කුමන්ත්‍රණයක් – සටන්වදින ප්‍රධාන හිමිවරුන්ට කප්පම්…!
උමාඔය සටන දියකිරීමේ කුමන්ත්‍රණයක් – සටන්වදින ප්‍රධාන හිමිවරුන්ට කප්පම්…!