උමාඔය සටන දියකිරීමේ කුමන්ත්‍රණයක් – සටන්වදින ප්‍රධාන හිමිවරුන්ට කප්පම්…!
උමා ඔය ව්‍යාපෘතියේ කොන්ත්‍රාත්කරු වන ෆරාබ් සමාගමත්, උමා ඔය ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ සුනිල් ද සිල්වාත් ආණ්ඩුවේ උපදෙස් මත මැදිහත්ව උමා ඔය ව්‍යාපෘතියට එරෙහිව සටන් කරන ප්‍රධාන හිමිවරුන් ගණනාවකට කප්පම් ලබා දීමට සැලසුම් කොට ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් වාර්තා වේ. සමහර හිමිවරුන් මෙම කප්පම් ලබා ගැනීමට එකඟව, සූදානම්ව සිටින බවද අපවෙත වාර්තා වේ.
මෙලෙස කප්පම් ලබා දෙමින් ජනතා සටනත්, පරිසරය සුරක්ෂිත කිරීමේ අරගලය පාවාදී විනාශ කිරීමට සූදානම් වන්නේ මෙම ව්‍යාපෘතිය සැබවින්ම මහා කොමිස් ගැහිලිමත සිදු වූ බව එළිදරව්වීමත් සමගය. එසේම බණ්ඩාරවෙල ප්‍රදේශයේ ජනතාවට මහා විනාශයක් සිදුවීමද ව්‍යාපෘතිය නිසාම සිදුවූවක් බැවින් ඊට එරෙහිව සටන් වදින සංවිධානය බිඳ දැමීම කප්පම්දීමේ මූලික අරමුණවී තිබේ. මෙම සටන කඩාකප්පල් කිරීමේ කුමන්ත්‍රණය පිටුපස ආණ්ඩුවේ ඉහළම අමාත්‍යවරුන් කිහිප දෙනෙකු සිටින බවද වාර්තා වේ.එසේම මෙම කප්පම් දීමේ ක්‍රියාවලිය මේ ආකාරයට එළිදරව් වීමත් සමග යහපාලන ආන්ඩුවත් , ඉරාන සමාගමත් ජනතාව ඉදිරියේ නිරුවත්වී ඇත.
මේ පිලිබඳව තවත් තොරතුරු ඉදිරියේ දී හෙලිදරව් කිරීමට අප බලාපොරොත්තුවේ.