NewsSlider උමාඔයට ඇමතිවරුන් තිදෙනෙකුගෙන් යුත් කමීටුවක්.. June 28, 2017 Kamal Dhammika උමාඔය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඇති ගැටලු සොයා බැලීම සඳහා කැබිනට් අමාත්‍යවරුන් තුන් දෙනකුගෙන් සමන්විත කමිටුවක් පත් කර තිබේ. මේ වන විට උමා ඔය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලු සහ ඒ සම්බන්ධයෙන් ගත හැකි කඩිනම් යෝජනා ඉදිරිපත් කිරීම මෙම කමිටුවේ කාර්ය භාරය වේ. ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (27) රැස්වූ කැබිනට් මණ්ඩල රැස්වීමේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කැබිනට් අමාත්‍යවරුන් වන මහින්ද අමරවීර, පාඨලී චම්පික රණවක, විජිත් විජිතමුනි සොයිසා යන මහත්වරුන් මේ සඳහා පත් කර ඇත. Post Views: 513 Share on Facebook Share Share on TwitterTweet Share on Pinterest Share Share on LinkedIn Share Send email Mail Print Print