ColomboXnews

News | Gossip | Political | Entertainment

SliderSports

මැදපෙළ පිතිකරුවන් ශ්‍රි ලංකාවට පරාජය ගෙන දෙයි.

ශූරයන්ගේ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ශ‍්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ පළමු තරගය ඊයේ (03) පරාජයට පත් වුණා. ඒ දකුණු අප‍්‍රිකානු කණ්ඩායම හමුවේ ලකුණු 96කින්.පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප‍්‍රිකානු කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 299ක් රැස් කළා. හෂීම් අම්ලා ලකුණු 103යි. පන්දු යැවීමේදී නුවන් ප‍්‍රදීප් ලකුණු 54කට කඩුලු 02ක් දවා ගත්තා.

ලකුණු 300ක ඉලක්කය හඹා ගිය ශ‍්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 42 යි පන්දු 03ක් අවසානයේ සියල්ලන් දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 203ක් පමණයි. නිරෝෂන් දික්වැල්ල හා උපුල් තරංග සාර්ථක ආරම්භයක් ලබා ගත්ත ද මැද පෙළ පිතිකරුවන් අසාර්ථක වීම නිසා ශ‍්‍රී ලංකාවට ජයග‍්‍රාහී ඉලක්කය හඹා යාම අසීරු වුණා. නායක උපුල් තරංග ලකුණු 58 ක් සහ නිරෝෂන් දික්වැල්ල ලකුණු 41ක් ලබා ගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූවා. කුසල් ජනිත් නොදැවී ලකුණු 44ක් රැස් කළ අතර අනෙක් කිසිඳු ක‍්‍රීඩකයෙකුට ලකුණු 20 සීමාව පසු කර යාමට අවස්ථාව හිමි වූයේ නැහැ.

ලකුණු 27කට කඩුලු 04ක් දවා ගත් ඉම්රාන් තාහීර් තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තා.