ලන්ඩන් නුවරට තවත් ත්‍රස්ත ප්‍රහාරයක් – හතක් මරුට 20කට තුවාල
බ්‍රිතාන්‍යයේ ලන්ඩන් පාලම මත සිටි පුද්ගලයන් වෙත වෑන් රථයක් ධාවනය කිරීමෙන් සහ ඒ ආසන්නයේ පිහිටි බරෝව් මාර්කට් ප්‍රදේශයේ පිහිටි පිරිසකට එල්ල වූ ප්‍රහාරයෙන් හත් දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.
අනතුරු ඇඟවීම් නිකුත් කළ බ්‍රිතාන්‍ය බලධාරීහූ මෙම සිදුවීම ත්‍රස්ත ප්‍රහාරයක් යැයි ද ප්‍රකාශ කළහ. ආයුද සන්නද්ධ කඩිනමින් සිදුවීම වූ ස්ථානයට පැමිණි අතර මධ්‍යම ලන්ඩනයේ සහ බ්‍රිතාන්‍යයේ ප්‍රධාන ස්ථාන රැසක ආරක්ෂාව තර කිරීමට ද බලධාරීහූ කටයුතු කළහ. එමෙන්ම බලධාරීන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ලන්ඩන් වැසියන්ට, ”දුවන්න, සැඟවෙන්න, කියන්න” යනුවෙන් දැනුම් දී තිබිණි.
සිදුවීමෙන් පුද්ගලයන් හත් දෙනකු මියගොස් ඇතැයි ද පොලිස් වෙඩි තැබීම්වලින් ප්‍රහාරකයන් දෙදෙනකු මියගොස් ඇතැයි ද පොලිසිය තවත් ප්‍රහාරයකු සොයමින් සිටින බව ද ආරංචි මාර්ග සඳහන් කළ ද එම කිසිදු තොරතුරක සත්‍ය අසත්‍ය බව තහවුරු කර නොතිබිණි.මේවන විට ලන්ඩන් නුවර ආරක්ෂාව තර කර ඇති අතර විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් සොයා විමර්ශන ආරම්භ කර තිබේ.