ColomboXnews

News | Gossip | Political | Entertainment

SliderSports

ශ්‍රී ලංකාව තවත් පරාජයක් අභියස.

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ජොහැන්නස්බර්ග් නුවරදී පැවැත්වෙන තුන්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වැනි දිනය වන අද දිවා ආහාරයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 131 කට දැවී ගියේය. දකුණු අප්‍රිකා කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණු 426ක් රැස්කළේය.  ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකානු කණ්ඩායමට වඩා ලකුණු 295ක් පසුපසින් සිටිමින් සිය දෙවැනි ඉනිම ආරම්භ කරනු ලැබීය. සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලකට ලකුණු 5ක් රැස්කරගෙන සිටියි. අද තරගයේ තෙවැනි දිනයයි