ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

අනවසරයෙන් ඩ්‍රෝන ගෙන ඒම ගැන සජබයේ පා.ම. නලින් බණ්ඩාරට එරෙහිව CID පරීක්ෂණයක්

නිසි අනුමැතියකින් තොරව මෙරටට ඩ්‍රෝන යානා රැගෙන ඒම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහට එරෙහි ඉදිරි විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මගින් සිදුකිරීමට තීරණය කර තිබේ. ඒ, පොලිස්පතිවරයාගේ විශේෂ නියමයක් යටතේය. මීට අමතරව, අදාළ ඩ්‍රෝන යානාවල තත්ත්වය සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය මගින්ද විශේෂ අධ්‍යයනයක් සිදුකිරීමට නියමිතව ඇත.

සිංගප්පූරුවේ සිට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා විසින් නිසි අනුමැතියකින් තොරව මෙරටට රැගෙන ආ ඩ්‍රෝන යානා සහ මයික්‍රෆෝන තොගයක් රේගු නිලධාරීන් විසින් ඊයේ (08) භාරයට ගන්නා ලදී. එහිදී ඩ්‍රෝන යානා 39ක් සහ මයික්‍රෆෝන 16ක් රේගු භාරයට පත්ව තිබේ.

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සහ ආරක්ෂක අමාත්‍යාංශයේ නිසි අනුමැතියකින් තොරව මෙරටට ගෙන ආ මෙම උපකරණ නිදහස් කරගැනීම සඳහා මන්ත්‍රීවරයා විසින් අදාළ අනුමැතිය ඉදිරිපත් කළ යුතු වන අතර, එලෙස අනුමැතිය ලබාගතහොත් පමණක් අදාළ භාණ්ඩ මුදාහරින බව රේගුව සඳහන් කළේය.