ColomboXnews

News | Gossip | Political | Entertainment

ForeignNewsSlider

බ්‍රසීල ජනපතිවරණයෙන් ලූලාට විශිෂ්ට ජයක් – සිව්වැනි වරටත් ජනපති ධුරයට

සිව්වන වරටත් බ්‍රසීලයේ ජනාධිපතිවරයා ලෙස හිටපු ජනාධිපති ලූලා ද සිල්වා තේරී පත්ව තිබේ.

බ්‍රසීල ජනාධිපතිවරණයේ දෙවන වටයේ ප්‍රතිඵල ඊයේ (26) නිකුත් කර තිබූ අතර එහිදී ප්‍රතිවාදී අපේක්ෂක ෆ්ලෙවියෝ බොල්සනාරෝට එරෙහිව විශිෂ්ඨ ජයක් ලූලා ද සිල්වාට හිමිව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

කෙසේ වෙතත් පසුගිය ඔක්තෝබර් 4 වනදා පැවති බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයේ ජය බොල්සනාරෝට හිමි වූ පසුබිමක දෙවන වටයෙන් ලුලා ද සිල්වා ජයගැනීම සුවිශේෂී තත්ත්වයක් බව ද විදෙස් විශේලේෂකයින් පෙන්වා දී තිබේ.

ලුලා ද සිල්වා 2003 වසරේ සිට 2010 වසර දක්වා අවස්ථා දෙකකදී බ්‍රසීල ජනාධිපතිවරයා ලෙසින් පත්ව තිබූ අතර අනතුරුව 2023 වසරේ පැවති ජනාධිපතිවරණයෙන් ද ජය ලැබීමට සමත්ව තිබුණි.

එළඹෙන 2027 වසරේ ජනවාරි 5 වනදා ලූලා ද සිල්වා සිව්වන වරටත් බ්‍රසීල ජනාධිපතිවරයා ලෙස දිව්රුම්දීමට නියමිතව ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.