ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

අකුණුසරින් රඹෑවේ දෙදෙනෙක් මරුට අයෙකුට බරපතළයි

රඹෑව බොර­ලු­හින්න ගම්මා­නයේ වෙල්යා­යක වැඩ­ක­ර­මින් සිටි කාන්තා­වන් තිදෙ­න­කුට අකු­ණු­සර වැදීමෙන් දෙදෙ­නකු මියගොස් එක් අයෙක් බර­ප­තළ තුවාල ලබා ප්‍රතා­කාර සඳහා අනු­රා­ධ­පුර ශික්ෂණ රෝහ­ලට ඊයේ (20) ඇතු­ළත් කර තිබේ.

පර­ස­න්ග­ස්වැව පොලිස් වසමේ රඹෑව බොරු­ලු­හින්න ගම්මා­නයේ වෙල්යායේ වැඩ­ක­ර­මින් සිටි­යදී ඊයේ (20) සවස 4 ට පමණ මෙසේ අකු­ණු­සර වැදී ඇතැයි පොලී­සිය කියයි. මෙම අකු­ණු­සර වැදී­මෙන් රඹෑව බොර­ලු­හින්න, නබ­ඩ­ග­ස්වැව ප්‍රදේ­ශයේ පදිං­චිව සිටි 58 හැවි­රිදි කේ. හේමාලි නමැති කාන්තා­වක සහ ඇඹි­ලි­පි­ටිය ප්‍රදේ­ශයේ පදිං­චිව සිටි 26 හැවි­රිදි එම්. දිලාරි නමැති කාන්තා­වක් ජිවි­ත­ක්ෂ­යට පත්ව තිබේ.

මියගිය කාන්තා­වන්ගේ මෘත ශරීර ඊයේ (20)සවස රඹෑව රෝහලේ තැන්පත් කර තිබිණ. අන­තු­රින් තුවාල ලැබූ රඹෑව, නඹ­ඩ­ග­ස්වැව ප්‍රදේ­ශයේ පදිංචි හැට­පස් (65) හැවි­රිදි කාන්තාව රෝහල්ගත කර ඇත.

මෙම සිද්ධිය පිළි­බඳ වැඩි­දුර පරි­ක්ෂණ පර­ස­න්ග­ස්වැව පොලී­සිය සිදු කරයි.

ජායා­රූප – අනු­රා­ධ­පුර අති­රේක – අමිල ප්‍රභාත් වන­සිංහ