ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

ගල්අඟුරු ගනුදෙනු විමර්ශනය කරන ජනපති කොමිසමේ කාලය දීර්ඝ කරයි..

ගල්අඟුරු ආනයනය කිරීමේදී සහ විදුලිය නිෂ්පාදනයේදී අක්‍රමිකතා හෝ නීතිවිරෝධී ක්‍රියා සිදුවී ඇත්දැයි විමර්ශනය කිරීම සඳහා පත්කළ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ කාලය 2026 දෙසැම්බර් 16 වනදා දක්වා දීර්ඝ කර තිබේ.

ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නිකුත් කළ ගැසට් නිවේදනයක් මගිනි.

අදාළ කොමිෂන් සභාවේ කාලය පසුගිය ඔක්තෝබර් 16 වනදායින් අවසන් වීමට නියමිතව තිබූ අතර, ඒ අනුව එම කාලය තවත් මාස දෙකකින් දීර්ඝ කර ඇත.

ඊට අදාළ ගැසට් නිවේදනය ජනාධිපතිවරයා විසින් පසුගිය අප්‍රේල් 17 වනදා නිකුත් කර තිබේ.