ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

අග්බෝ නාච්චාදූව වැව් රක්ෂිතයේදී හමුවෙයි

‘අග්බෝ’ ඇතා තිරප්පනේ, නාච්චාදූව වැව් රක්ෂිතයේදී සොයාගෙන තිබේ.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා යුද හමුදාව එක්ව සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම ඇතා සොයාගෙන ඇත.

එම ප්‍රදේශය භාර වනජීවී අඩවි සහකාර බුද්ධික මහතා තහවුරු කර ඇත්තේ, අග්බෝ ඇතා සොයාගන්නා අවස්ථාව වන විටත් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවූ බවයි.

ඒ අනුව, අග්බෝ ඇතා මේ වන විට නාච්චාදූව වැව් රක්ෂිතය තුළ නිරුපද්‍රිතව සැරිසරන බව පරිසර අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය සඳහන් කරයි.