ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

ශිරන්තිට-නාමල්ට-යෝෂි­තට එරෙහි නඩු අද

හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ මහ­තාගේ බිරිය වන ශිරන්ති රාජ­පක්ෂ මහ­ත්මිය හා පුතුන් වන නාමල් රාජ­පක්ෂ, යෝෂිත රාජ­පක්ෂ යන මහ­ත්ව­රුන්ට එරෙ­හිව පවරා ඇති දූෂණ නඩු තුනක් අද (13) කොළඹ අලු­ත්කඩේ උසාවි පරි­ශ්‍ර­යේදී විභා­ග­යට ගැනේ. අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන කොමි­ෂන් සභාව විසින් මෙරට ප්‍රධාන දේශ­පා­ලන පවු­ලක සාමා­ජි­ක­යන්ට එරෙ­හිව පව­රන ලද නඩු ත්‍රිත්ව­යක් එකම දින­කදී විභා­ග­යට ගැනෙන පළමු අව­ස්ථාව මෙය වේ.

ජාතික ඉතිරි කිරීමේ බැංකු­වෙන් ලබා­ගත් රුපි­යල් මිලි­යන 10ක මුද­ලක් ‘සිරි­ලිය සවිය’ සංවි­ධා­නයේ ගිණු­ම­කට බැර කර සාවද්‍ය ලෙස පරි­හ­ර­ණය කිරීමේ චෝදනා යටතේ ශිරන්ති රාජ­පක්ෂ මහ­ත්මි­යට එරෙ­හිව පවරා ඇති නඩුව අද (13) කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය ඉදි­රියේ විභාග වේ.

පාර්ලි­මේන්තු මන්ත්‍රී නාමල් රාජ­පක්ෂ මහ­තාට එරෙ­හිව පවරා ඇති ක්‍රිෂ් නඩුව ද එම අධි­ක­ර­ණය ඉදි­රියේ කැඳවේ. නාමල් රාජ­පක්ෂ මහ­තාට එරෙ­හිව එම නඩුව පවරා ඇත්තේ රුපි­යල් මිලි­යන 100ක අල්ල­සක් ලබා­ගැ­නීමේ චෝද­නාව සම්බ­න්ධ­යෙනි.

පාර්ලි­මේන්තු මන්ත්‍රී නාමල් රාජ­පක්ෂ මහතා පසු­ගිය සැප්තැ­ම්බර් 16 වැනිදා සිට රක්ෂිත බන්ධ­නා­ගා­ර­ග­තව සිටින අතර, ශිරන්ති රාජ­පක්ෂ මහ­ත්මිය පසු­ගිය 7 වැනිදා සිට රිමාන්ඩ් බන්ධ­නා­ගා­ර­ග­තව සිටියි.

ශ්‍රීලං­කන් ගුවන් සමා­ගම සඳහා එයා­ර්බස් ගුව­න්යානා මිලදී ගැනී­මේදී අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 2ක පමණ මුද­ලක් අයථා ලෙස පරි­හ­ර­ණය කිරීම සම්බ­න්ධ­යෙන් කෙරෙන විම­ර්ශ­නයේ සැක­ක­රු­වකු වූ නාමල් රාජ­පක්ෂ මහ­තාට කොටුව මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය සැප්තැ­ම්බර් 30 වැනිදා ඇප නියම කළේය. එම සිද්ධිය සම්බ­න්ධ­යෙන් ඔහුට එරෙ­හිව අලු­ත්කඩේ මහේ­ස්ත්‍රා­ත්ව­රයා ඉදි­රියේ පවරා ඇති නඩුවේ ඇප ඉල්ලීම සලකා බැලීම අද (13) සිදුවේ.

එම නඩු දෙකට අම­ත­රව ක්‍රිෂ් ගනු­දෙ­නුව සම්බ­න්ධ­යෙන් ඔහුට එරෙ­හිව අලු­ත්කඩේ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණයේ තවත් නඩු­වක් විභාග වේ. එම නඩු­වට ඔහු ලබන 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කර තිබේ.

මෙම නඩු­ව­ලට අම­ත­රව, නිසි අධ්‍යා­ප­නික සුදු­සු­කම් නොමැ­තිව නාවික හමුදා විධා­යක ශිෂ්‍ය­භට නිල­ධා­රි­යකු ලෙස බඳ­වා­ගෙන බ්‍රිතා­න්‍යයේ ‘Royal Navy Young Officers Course’ පාඨ­මා­ලා­වට සහ­භාගි වීමෙන් රජ­යට පාඩු කළ බවට චෝදනා කර යෝෂිත රාජ­පක්ෂ මහ­තාට එරෙ­හිව පවරා ඇති නඩුව අද (13) කොළඹ මහා­ධි­ක­ර­ණය හමුවේ විභා­ග­යට ගැනේ.

ශිරන්ති රාජ­පක්ෂ හා නාමල් රාජ­පක්ෂ යන මහත්ම මහ­ත්මීන්ගේ ඇප ඉල්ලීම ප්‍රති­ක්ෂේප වූ අතර, යෝෂිත රාජ­පක්ෂ මහතා රුපි­යල් මිලි­යන 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා­හැර ඇත.

නාමල් රාජ­පක්ෂ මහ­තාගේ නඩුව විභා­ග­යට ගත් පසු­ගිය සැප්තැ­ම්බර් 29 වැනිදා ලලිත් – කූගන් සිද්ධිය සම්බ­න්ධ­යෙන් සාක්ෂි දීම සඳහා හිටපු ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහතා කොළඹ අලු­ත්කඩේ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණයේ ඉදි­රියේ පෙනී සිටි­යේය.