නේපාල ගංවතුරෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 270 දක්වා ඉහළට
නේපාලයට බලපෑ විනාශකාරී හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 270 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත .
තවත් පුද්ගලයින් 1,500කට අධික පිරිසක් අතුරුදන්ව ඇති බවද එම වාර්තාවල සඳහන්.
කත්මණ්ඩු අගනුවරට උතුරින් පිහිටි රාසුවා ප්‍රදේශයට ඊයේ අලුයම බලපෑ මෙම හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්මාන රැසක් ජලයෙන් යටවී ඇති අතර, මාර්ග සහ අනෙකුත් යටිතල පහසුකම්වලටද දැඩි හානි සිදුව තිබේ .
අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසන්නේ ග්ලැසියරයක් කඩා වැටීමත් සමඟ ඇති වූ සුන්බුන් ගලායාමක් හේතුවෙන් මෙම දැවැන්ත ගංවතුර තත්ත්වය හටගෙන ඇති බවයි.
අතුරුදන් වූවන් සෙවීමේ සහ විපතට පත් ජනතාව මුදාගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.