ColomboXnews

News | Gossip | Political | Entertainment

ForeignSlider

එක්සත් ජනපද සහ ඊශ්‍රායල ප්‍රහාර අඛණ්ඩව ක්‍රියාත්මක වුවහොත් තෙල් ලීටරයක්වත් නැව්ගත කිරීමට ඉඩ දෙන් නෑ – ඉරානය

එක්සත් ජනපද සහ ඊශ්‍රායල ප්‍රහාර අඛණ්ඩව ක්‍රියාත්මක වුවහොත් මැදපෙරදිගින් “තෙල් ලීටරයක් හෝ” නැව්ගත කිරීමට ඉඩ නොදෙන බව ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (Revolutionary Guards) නිවේදනය කර තිබේ.

ඉරානයේ නව උත්තරීතර නායක මොජ්ටාබා ඛමේනිට සහාය දක්වමින් එරට ආරක්ෂක අංශ මෙලෙස දැඩි ස්ථාවරයක පසුවීම හේතුවෙන් ලෝක මූල්‍ය වෙළඳපොළවල් ද දැඩි උච්චාවචනයකට ලක්ව ඇත.

මෙයට ප්‍රතිචාර දක්වමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු ඇඟවූයේ, ඉරානය ලොව ප්‍රධාන බලශක්ති අපනයන මාර්ග අවහිර කිරීමට උත්සාහ කළහොත් මීට වඩා ප්‍රබල ප්‍රහාර එල්ල කරන බවයි.