සුරේෂ් සලේ හෙවත් ‘අබුහින්ද්’ හසුවීම සහ පාස්කු ප්‍රහාරයට මිනීමරු ගෝඨාභයගේ සහ සිරිසේනගේ රහසිගත සබඳතාවයේ ඇත්ත කතාව..!
නිරායුධ තුන්සියදෙනෙකු මරා දැමූ 500 ක් සදාකාලික ආබාධිත බවට පත් කළ ලංකා ඉතිහාසයේ කුරිරුතම ප්‍රහාරය ලෙස 2019 පාස්කු ඉරිදා ප්‍රහාර මාලාව ශ්‍රී ලංකා ඉතිහාසයට එක් වී තිබේ. ඒ කුරිරු ප්‍රහාරය ශ්‍රී ලාංකීක ජන සමාජය කම්පනයට පත් කර ජන හදවත් රිදවා අපේ වා තලයේ දැවැන්ත අන්ධකාර දුමාරයක් ඉතිරි කළා පමණක් නොව සමස්ත ජාත්‍යන්තරයේම සිත් රිදුම් දුන් බව නොරහසකි.
ඒ ම්ලේච්ඡ ස්වයං ඝාතක ප්‍රහාර මාලාව රටින් හූ කියා පලවා හරින ලද මහා විරුවකුගේ වෙස්ගත් ගෝඨාභය රාජපක්ෂ නැමැති මහා අපරාධකරු බලයට ගෙන ඒමේ අරමුණින් ඉතාම පැහැදිලිව දියත් කළ කුමන්ත්රණයකි.
න්යායාචාරියන් තුනක්..
උතුරේ සන්නද්ධ අරගලය මර්දනය කිරීමට ගෙන ගිය කුරිරු යුධමය ක්‍රියාමාර්ගය අවසන් වීමෙන් පසුව ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන ඒමට සැලසුම් සහගතව නිර්මාණය කළ කුමන්ත්‍රණයක් තිබිණි. ඒ කුමන්ත්‍රණ න්‍යාය පත්‍රයට අනුව ඒ කාලයේ ඇති කරන ලද ජාතිවාදී ආගම්වාදී ගැටුම් පිටුපස ගෝඨාභය ලඟින් සිට උල් පන්දම් දුන් සහ න්‍යායන් සැපයූ තිදෙනෙකු සිටී. එකෙක් එවක හමුදා බුද්ධි අංශයේ කටයුතු කළ කපිල හෙන්දාවිතාරණය. අනෙකා ඔහුගේ සමීපතම ගෝලයා සුරේෂ් සලේය. ඔවුන් ගේ න්යායාචාරියා වූයේ ත්‍රස්තවාදය පිලිබඳ ඔස්තාර් කෙනෙකු ලෙස තමන්ම හඳුන්වා ගන්නා, කැනඩාවට ඇතුළුවීම පවා තහනම් කර ඇති ඊනියා ‘මහාචාර්ය’ රොහාන් ගුණරත්නය.
මේ අතරින් ගෝටා විසින් රාජ්‍ය බුද්ධි ප්‍රධානි ධුරයෙන් පිදුම් ලද සුරේෂ් සලේ දැන් අත්අඩංගුවට ගෙන තිබේ.
රහස් පොලිසිය ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාලව හෙලිදරව් වී තිබෙන පැහැදිලි සාක්ෂි මතයි.
සලේ අත්අඩංගුවට ගැනීම යනු..
සලේ අත්අඩංගුවට ගැනීම යනු ගෝඨාභය සහ රනිල් වික්‍රමසිංහ විසින් කකුල් මාට්ටු දමමින් යටගසන්නට උත්සාහ කරමින් සිටි පාස්කු ඉරිදා විමර්ශනයේ දැවැන්ත කඩ ඉමකි. සලේ සිටිය යුත්තේ පාස්කු ඉරිදා ප්‍රහාරය පිලිබඳ නඩුවක සාක්ෂි කූඩුවේ නොව චූදිත කූඩුවේ බව අපි මුල සිටම හෙළිදරව් කළෙමු.
කුප්‍රකට සලේ පිළිබඳ බරපතල සාක්ෂි හෙලිදරව් වන්නේ පාතිමා හාදියා හෙවත් මරාගෙන මැරුණු කල්ලියේ නායකයා වූ සහරාන්ගේ බිරිඳගේ කට උත්තර මගිනි. එහිදී ‘අබුහින්ද්’ යන අන්වර්ථ නමින් සහරාන්ට නිතරම දුරකථන මගින් ඇමතුවා වූ ද සහරාන් අවනත බවක් දැක්වුවා වූ ද පුද්ගලයා සුරේෂ් සලේ බවට ජනාධිපති කොමිසම් මගින් සහ විමර්ශන මගින් බරපතල ලෙස සැක කෙරිනි. රාජපක්ෂ ගැත්තකු වන සලේගෙන් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර ලබාදී තිබේ.
හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පාර්ලිමේන්තුවේදී පෙන්වා දී ඇති පරිදි සලේ යනු ගෝඨාභයගේ කීකරු වහලෙකි. ඔහු කපිල හෙන්දාවිතාරණ සමග එක්වී අනාගතයේ ගෝඨාභය බලයට ගෙන ඒම සඳහා මුස්ලිම් අන්තවාදී කල්ලි පෝෂනය කර තිබේ. ආරක්ෂක අමාත්‍යංශ රහසිගත ගිණුම් මගින් සහරාන් ඇතුළු කල්ලි නඩත්තු කර තිබේ. ඊට සමාන්තරව එම ගිණුම් මගින්ම ගලගොඩ අත්තේ ඥානසාර නැමැති මුග්ධ චීවරධාරීයා නායකත්වය දුන් බොදුබල සේනාවට මූල්‍යමය සහ ද්‍රව්‍යමය වශයෙන් මහත් රාජ්‍ය අනුග්‍රහයක් ලබා දුන්නේය. ඔවුන් සිංහල-බෞද්ධ අන්තවාදය පෝෂණය කරන ගමන් ඉස්ලාම් අන්තවාදයත් පෝෂණය කළේ ඇයි ? එහි අරමුණ වුයේ මේ අන්තවාදී කල්ලි අතර සිදුවන ගැටුම් වලින් ඇවිලෙන ජාතිවාදී ගිනිජාලා ඔස්සේ ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන ඒමයි.
සලේලා දුන් ලණුව අතත් සමග ගිලගත් සිරිසේන..
සහරාන් ඇතුළු කල්ලියට මූල්‍යමය ආධාර සහ ආරක්ෂක අමාත්‍යංශ රහසිගත ගිණුම් මගින් අවි ආයුධ සහ පුපුරණ ද්‍රව්‍යය ලබාදීම සිදුවුයේ 2010 සිටය. ස්වයං ඝාතක ප්‍රහාරයට අවශ්‍ය පුපුරණ ද්‍රව්‍ය, ඉලක්කගත ස්ථාන, සහ දිනය සහරාන් වෙත යොමු කළේ ද ගෝඨාභය රාජපක්ෂගේ අනුදැනුම පරිදිය. නීච අපරාධ සහායකයෙක් වන මෛත්‍රීපාල සිරිසේන නම් හිටපු තක්කඩි ජනාධිපතිවරයා ගොනාට ඇන්දවීමට සලේ සහ රොහාන් ගුණරත්න කල්ලිය සිරිසේන ගේ විශ්වාසවන්තයා වන නිලන්ත ජයවර්ධන යොදා ගත්තේය. නිලන්ත මගින් ඔවුහු සිරිසේනට පොරොන්දුවක් දුන්හ. එනම් අදාල ප්‍රහාරය සාර්ථක වීමට ඔහු ඉඩ ලබාදීමෙන් පසුව ව්‍යාකූල වන දේශපාලන තත්වය තුළ ගෝඨාභය රාජපක්ෂ යටතේ බිහිවන ආණ්ඩුවක ස්ථිර ලෙසම සිරිසේන අගමැති කරවන බවයි. සලේලා දුන් ලණුව අතත් සමග ගිලගත් සිරිසේන පාස්කු ප්‍රහාරයට පෙර කපටි ලෙස ඉන්දියාවටත් ඉන් අනතුරුව සිංගප්පූරුවටත් මාරුවුයේ ඒ අනුවය.
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදුකරන තෙක් කණ්ඩායමක් ලෙස අප පසුගිය වසර කිහිපය පුරාම අඛන්ඩ උත්සාහයක නිරත වීමට හේතුවක් තිබේ. එනම් මේ ප්‍රහාරය පිළිබඳව පූර්ණ විමර්ශනයක් සිදු නොකළහොත් අනාගතයේ දී ද දේශපාලන බලය උදුරා ගැනීම හෝ පවත්වා ගෙන යෑම සඳහා නිරායුධ දහස් ගණනක ගේ ලේ අපේ මව් බිමේ ගලා යාම වැලැක්වීමය. පාස්කු ඉරිදා මරා දමන ලද බහුතරය සිය දෙවිඳුන් වන්දනා කිරීමට පහන් සිතින් දෙව්මැදුරුවලට ගිය ජනතාවය. ඊට අමතරව රාජපක්ෂලාගේ දූෂිත මිනීමරු පාලනයට අභියෝග කළ මාධ්‍යවේදීන් රැසක් ද මේ කල්ලිය විසින් ම ඝාතනය කෙරිණි. ඉතින් ශ්‍රී ලංකාවේ සහෘද ජනතාවනි, ජාතිවාදී ආගම්වාදී රැලි සහ කුමන්ත්‍රණ සිය දේශපාලනය පවත්වාගෙන යාමේ ඔක්සිජන් බවට පත් කරගෙන ඇති මේ කල්ලියේ ක්‍රියාකාරකම් දැන් නැවැත්විය යුතු නොවේද?
ඒ සඳහා පාස්කු ඉරිදා කුමන්ත්රණයේ මහමොළකරුවන් නීතිය ඉදිරියේ හෙළිදරව් කරගත යුතුය.
මේ කරුණු 12 ගැනද අවධානය යොමුකරන්න…
මේ නිසා, ගෝඨාභය මිනීමරු කල්ලියේ එක් මිනිමෝරෙක් අත්අඩංගුවට ගත් මේ මොහොතේ, ඉදිරි විමර්ශන සදහා නැවත වරක් බරපතල ලෙස අවධානය යොමු කළයුතු කරුණු කිහිපයක් සිහිපත් කරමු. බලධාරීන් මේ කරුණු ගැනද අවධානය යොමු කළහොත් “සැඟවුණු මහමොළකරු” පහසුවෙන් සොයා ගත හැකිවනු ඇති. එය ජනතාවගේ අපේක්ෂාවයි. එය ජනතාව මේ ආණ්ඩුවට දුන් ජනවරමයි.
1. තමන්ට පීඩන කළහොත් පාස්කු ප්‍රහාරය පිළිබඳව තමන් දන්නා දේ හෙලිදරව් කරන බවට මෛත්‍රිපාල සිරිසේන ගෝඨාභයට කළ තර්ජනය ගැන ගැඹුරු විමර්ශනයක් කළ යුතුය .මේ සම්බන්ධයෙන් සිරිසේන වහාම අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කළ යුතුය.
2. හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර හොඳින් දන්නා, නැගෙනහිර දී සහරාන්ට මුදල් සහ අවි ආයුධ ලබාදුන් හමුදා බුද්ධි අංශයේ සේවයේ නිරත රාජපක්ෂ ගැති කල්ලිය සහ එහි ඉහලම නිලධාරීන් පිලිබඳව වහාම විමර්ශනය කළයුතුය.
3. හිටපු හමුදා බුද්ධි අංශ ප්‍රධානී බ්‍රිගේඩියර් චූලා කොඩිතුවක්කු පාස්කු ප්‍රහාරයත් සමග දෙහිවලදී මිය ගිය ජමීල් නම් මරාගෙන මැරුණ ඝාතකයා අත්අඩංගුවට පත්වු විට නිදහස් කරන ලෙසට බලපෑම් කර තිබේ. ඔහු හමුදා බුද්ධි අංශයට සම්බන්ධ බවට කළ ප්‍රකාශය පිළිබඳව වහාම ක්‍රියාත්මක වන පරිදි විමර්ශනය කළ යුතුය.
4. මඩකලපුව, වව්නතිව් ප්‍රහාරයට කොටි ත්රස්තවාදීන් සම්බන්ධ බව පෙන්වීමට ඔවුන් භාවිත කළ ඇඳුම් කට්ටල දැමීම සලේගේ උපදෙස් අනුව සිදුවුවකි. එය විමර්ශනය කළ යුතුය.
5 සුරේෂ් සලේ සහ නිලන්ත ජයවර්ධන අතර තිබු ගනුදෙනු සහ දුරකථන විශ්ලේෂන විමර්ශනය කළ යුතුය.
6. පාස්කු ප්‍රහාරයේ විමර්ශන අඩාල කිරීමට චීවරධාරී ගලගොඩ අත්තේ ඥානසාර සහ උදය ගම්මන්පිල මෙහෙයවීම සඳහා සුරේෂ් සලේගේ කල්ලිය ලබාදුන් අල්ලස් සහ දුරකථන ඇමතුම් විශ්ලේෂන විමර්ශනය කළ යුතුය.
7. ගෝඨාභයගේ පාලන කාලයේ දී කතෝලික දේවස්ථාන වෙත නැවත අන්තවාදී ප්‍රහාර එල්ල වෙන බවට බොරු ප්‍රචාරයක් සඳහා එවකට මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර විසින් හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න ලවා නාවික හමුදාවේ කන්ඩායමක් ජනතාව බිය ගැන්වීම සඳහා යෙදවීම පිළිබඳ විමර්ශනයක් වහාම සිදුකළ යුතුය.
8. නාමල් කුමාර නම් අපතයෙකු යෙදවූ “ගෝටා සහ සිරා මරා දැමීම” පිලිබඳ ජවනිකාව සහ අදාළ දුරකථන ඇමතුම් විශ්ලේෂන කළ යුතුය.
9. මිලියන ගණන් වන්දි ගෙවීමට මෛත්‍රීපාල සිරිසේනට සහ නිලන්ත ජයවර්ධනට පුජිත් ජයසුන්දරට මුදල් ලැබුනේ කොයින්ද? ඔවුන්ට පිහිටවු අදිසි හස්තය කාගේද? ඒ මුදල් යෙදවු රහසිගත ගිණුම් කාගේද? “මුදල් ගිය පාර හොයන්න. සොරා සොයාගත හැකිවනු ඇති” යන කියමන ඔස්සේ විමර්ශනය කරන්න.
10. පාස්කු ප්‍රහාරයත් සමග දෙරණ සහ හිරු යන ජඩ මාධ්‍ය ක්‍රියා කළ ආකාරය විමර්ශනය කළ යුතුය. සහරාන් ඇතුළු කල්ලියගේ අවසන් වීඩියෝ පට ඔවුන්ට ලැබුණු ආකාරය විමර්ශනය කළ යුතුය.
11. සුරේෂ් සලේ ඇතුළු ඔහු සමග කටයුතු කරන ලද යුද හමුදා බුද්ධි අංශයේ රාජපක්ෂ ගැති කල්ලිය විසින් පසුගිය දශක දෙක තුළ විවිධ නම් යටතේ කොළඹ සහ වෙනත් නාගරික බල ප්‍රදේශවල අත් පත් කරගෙන තිබෙන නිශ්චල සහ චංචල දේපළ පිළිබඳ විමර්ශනයක් වත්මන් යුධහමුදාපති වරයාගේ මැදිහත්වීම ඇතිව වහාම ක්‍රියාත්මක වන පරිදි සිදුකළ යුතුය.
12. පුලස්තිනී රාජේන්ද්‍රන් හෙවත් සාරා ජෙස්මින් සිදුවීම පිළිබඳව නැවත වරක් විශේෂ විමර්ශනයක් සිදු කළ යුතුය..
ඉහත සඳහන් සුවිශේෂී සිදුවීම් පිළිබඳව ගැඹුරින් විමර්ශන කළහොත් ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, සුරේෂ් සලේ සහ නිලන්ත ජයවර්ධනට මේ මහපොළොව නුසුලන අපරාධයට ඇති සම්බන්ධය නීතිය ඉදිරියේ හෙළිදරව් කිරීමට හැකිවනු ඇත. මේ අපරාධය සම්බන්ධයෙන් යුක්තිය ඉටුකළ හැක්කේ එවිටය.
රසල් හේවාවසම්
lanka e news