ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlidervariety

ලොව විශා­ල­තම ස්වාභා­වික දම් පැහැති මැණික කොළ­ඹදී නිල වශ­යෙන් එළි­ද­ක්වයි

ලොව විශා­ල­තම ස්වාභා­වික දම් පැහැති Purple Star Sapphire ලෙස සැල­කෙන “Star of Pure Land” මැණික කොළ­ඹදී පැවැ­ත්වුණු විශේෂ මාධ්‍ය හමු­ව­කදී පසු­ගි­යදා (17) නිල වශ­යෙන් එළි­දැ­ක්විණි.මේ මැණික කැරට් 3,536ක් බරින් යුක්ත වන අතර වටි­නා­කම අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 300- 400 අතර විය හැකි බව මැණික් ක්ෂේත්‍රයේ ප්‍රවී­ණ­යන්ගේ මත­යයි.

මෙය අමෙ­රි­කානු මැණික් විද්‍යා­ය­ත­නය (GIA) විසින් ස්වාභා­වි­කව නිර්මා­ණය වූ, තාප පිරි­යම් නොකළ (Unheated) දුර්ලභ ගණයේ මැණි­කක් ලෙස සහ­තික කර තිබේ.

ලංකා මැණික් විද්‍යා රසා­ය­නා­ගා­රය (LGL) මඟින්ද මෙහි ශ්‍රී ලාංකික අන­න්‍ය­තාව තහ­වුරු කර ඇත‍.

මේ මැණිකේ දක්නට ලැබෙන කිරණ හය­කින් යුත් තාර­කා­වක හැඩය (Six-ray asterism) ඉතා පැහැ­දි­ලිව සහ සම­මි­ති­කව පිහිටා ඇති අතර, මැණිකේ මුළු මතු­පි­ටම ඉතා අලං­කාර ලෙස දිස්වීම විශේ­ෂ­ත්ව­යකි.මෙය රවුම් කැබො­ෂොන් (Round Cabochon) ක්‍රම­යට කපා නිමවා ඇති අතර, එම කැපුම සහිත ලොව විශා­ල­තම ස්වාභා­වික දම් පැහැති Purple Star Sapphire මැණික මෙය‍යි. දැනට අමෙ­රි­කාවේ ඇරි­සෝ­නාහි පිහිටි ‘Tucson Masterpiece Gem Society’ ආය­ත­නය මෙහි භාර­කා­ර­ත්වය දරන අතර, “Star of Pure Land” ව්‍යාපෘ­තිය හරහා මෙහි ඉදිරි කට­යුතු සම්බ­න්ධී­ක­ර­ණය කිරී­මට නිය­මි­තය. වසර මිලි­යන ගණ­නා­ව­කට පෙර භූ විද්‍යා­ත්මක ක්‍රියා­ව­ලීන් හරහා නිර්මා­ණය වූ මේ අගනා වස්තුව රත්න­පුර ප්‍රදේ­ශ­යෙන් හමු වී ඇතැයි පව­සයි.