ColomboXnews

News | Gossip | Political | Entertainment

LeadNewsSlider

එජාප ප්‍රබලයෙකු වු නන්දන ගුණතිලක රාගම රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටියදි අභාවප්‍රාප්ත වෙයි! ජයවර්ධනපුර රෝහලේ බිල නොගෙවීම පිලිබදව රනිල්ට සහ වජිරට බරපතල චෝදනාවක්!

 එක්සත් ජාතික පක්ෂයේ පානදුර හිටපු නගරාධිපතිවරයා වූ නන්දන ගුණතිලක මහතා අසනීප තත්ත්වයක් හේතුවෙන් ටික කලක් ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට පසුව රාගම ශික්ෂණ රෝහලට මාරු කිරීමෙන් පසු එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබමින් සිටියදී අද (18) අලුයම අභාවප්‍රාප්ත වී තිබේ.

හදිසියේ ඇතිවු සුළු අසනීප තත්ත්වයකට ප්‍රතිකාර ලබාගැනීම සදහා ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කොට සිටි එජාපයේ ප්‍රබලයෙකු වු නන්දන ගුණතිලක මහතා දින ගණනාවක් එහි ප්‍රතිකාර ගැනීමට සිදුවීම නිසා රුපියල් ලක්ෂ පහකට ආසන්න බිලක් ගෙවීමට නොහැකි අර්බුදයක් මතුවිම හේතුවෙන් රාගම රෝහලය මාරු කිරීමට තීරණය කර තිබුනි. නමුත් රෝහලේ බිල ගෙවනතෙක් එම මාරු කිරීම ප්‍රමාදවි තිබේ.

නන්දන ගුණතිලක රාගම රෝහලට මාරු කරලා යවන්න තීරණය කරන්නේ ජයවර්ධනපුර රෝහලේ බිල ගෙවාගැනීම පිළිබද ගැටළුවක් මතුවීම හේතුවෙනි. ඒ වෙනකොටත් ජපුරේ වකුගඩු සහ අක්මාව ආශ්‍රිත විශේෂඥ වෛද්‍යවරු දෙන්නෙක් යටතේ නන්දන අධීක්ෂණය වෙමින් තිබුණා. නමුත් රෝහලේ බිල ලක්ෂ පහකට ආසන්න අගයක් වනවිට එය ගෙවාගැනීමට නොහැකි අර්බුදයක් මතුවී තිබේ. ඒ වනවිටත් හිටපු මන්ත්‍රිවරයෙකු වු අචල ජාගොඩ, විමල් වීරවංශ හා එජාපයේ පිරිසක්ද ඔහු බැලීමට පැමිණි නමුත් රෝහලේ බිල ගෙවීමට ඒ වනවිටත් කිසිවෙකුත් ඉදිරිපත් වී නොතිබිණි. පසුව මේ පිළිබදව අචල ජාගොඩ මහතා රනිල් වික්‍රමසිංහ මහතාට දැණුම්දීමෙන් පසු ඔහු බිල ගෙවීමට එකඟවී ඇති අතර එම කටයුතු වජිර අබේවර්ධනට පවරා තිබුණි. නමුත් වජිර අබේවර්ධන විසින් එම වගකීම මගහැර තිබුනි. ජයවර්ධනපුර රෝහලේ බිල ගෙවීමට රනිල් වික්‍රමසිංහ පොරොන්දු වී ඇති නමුත් එම කටයුතු වජිර අබේවර්ධන විසින් දිගින් දිගටම ප්‍රමාද කර තිබේ.

මේ හේතුවෙන් නන්දන ගුණතිලක මහතා රාගම රෝහලට මාරු කිරීම ප්‍රමාදවී තිබෙන අතර රාගම රෝහලට මාරු කර යැවිමට ජයවර්ධනපුර රෝහලේ නිර්දේශය ලැබුණු පසු ප්‍රතිකාර කිරීමද නතරවී තිබේ. එජාපයේ මෙම වගකීම් විරහිත ක්‍රියාකලාපය හමුවේ අසරණ වු නන්දන ගුණතිලගේ නැගෙණිය අවසානයේ තම හිතවතුන් කිහිප දෙනෙකුගෙන් මුදල් එකතුකරගනිමින් ජයවර්ධනපුර රෝහලේ බිල ගෙවා රාගම රෝහලට මාරුකරගෙන පසුව රාගම රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කොට තිබුණා.

එජාපය විසින් තම පක්ෂයේ ප්‍රබලයෙකු වු නන්දන ගුණතිලක මහතාට සිදුකරන ලද මෙම නොසලකාහැරීම පිලිබදව මේ වනවිට සමාජජාල තුලද දැඩිව කතාබහට ලක්වී තිබේ. මුහුණුපොත තුල පලවන ඇතැම් පලකිරීම් තුලින් රනිල් වික්‍රමසිංහ මෙන්ම වජිර අබේවර්ධනවද දෝෂදර්ශණයට ලක්කර තිබුණි.

“වජිර තමුසෙ මහ සවුත්තු මිනිහෙක්“ යනුවෙන් විපක්ෂය වෙනුවෙන් පෙනී සිටින ෆේස්බුක් පේජයක ලිපියක් පලවී තිබුණේ මෙසේය.. https://www.facebook.com/permalink.php?

ජනතා විමුක්ති පෙරමුණේ පාලක ලේකම්වරයෙකු සහ ජනාධිපති අපේක්ෂකයෙකු ද වූ නන්දන ගුණතිලක සුනාමි ව්‍යසනයෙන් පසු මතුවු යම් සදාචාර විරෝධී ජීවන පැවැත්මක් හේතුවෙන් ජවිපෙන් නෙරපා දමා තිබුනි. 1994න් පසු ජවිපෙ යළි නගා සිටුවීමට ක්‍රියා කළ නායකයෙකු වූ නන්දන ගුණතිලක සදාචාර හේතුමත ජවිපෙන් ඉවත්කිරීමෙන් පසු මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ තැපැල් හා විදුලි සංදේශ සහ සංචාරක අමාත්‍ය ධුරයන්ද හෙබවීය. පසුව ජවිපෙන් නෙරපාහරින ලද විමල් සමඟ එකතුවී ජාතික නිදහස් පෙරමුණ ගොඩනැගීමටද දායක වු නන්දන ගුණතිලක මහතා පසුව විමල් සමඟ ඇතිවු මත ගැටුම් හේතුවෙන් ජාතික නිදහස් පෙරමුණෙන්ද ඉවත්විය. ඉන් පසුව එක්සත් ජාතික පක්ෂයට එක්වු නන්දන ගුණතිලක මහතා පානදුර ආසන සංවිධායක ධුරයද දරමින් පානදුර නගර සභාව සදහා එජාපයෙන් ඉදිරිපත්වී පානදුර නගරාධිපති පදවියටද පත්වුණා.