ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂකට වහාම ක්‍රියාත්මකවන පරිදි ස්ථාන මාරුවීමක්

ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂක එච්.ටී.එම්.තුෂාර මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුකර තිබේ.

ඒ අනුව ඒ මහතා වෛද්‍ය සේවා කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරි සඳහා මෙම ස්ථාන මාරු කිරීම සිදුකර ඇත.

ගල්කිස්ස අධිකරණය පරිශ්‍රය තුළදී නීතිඥවරයකු විසින් පොලිස් නිලධාරියෙකුට බැන තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට මෙලෙස ස්ථාන මාරුවීමක් ලබාදී ඇති බව සඳහන්.

මේ අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින පොලිස් කොස්තාපල්වරයා මේ වනවිට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.