කෙහෙල්බද්දර පද්මේ වෙනුවෙන් නීතීඥ සහාය පොහොට්ටුවෙන්! පද්මේගේ මව ඉදිරිපත් කල රීට් පෙත්සමට අනුජ ප්‍රේමරත්න ඇතුළු නීතිඥයෝ කණ්ඩායමක් අධිකරණයේ පෙනී සිටී!
අත්අඩංගුවට ගෙන රඳවා ප්‍රශ්න කරනු ලබන සංවිධානාත්මක අපරාධකරු කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාගේ මව විසින් අභියාචනාධිකරණයට ඉදිරිපත් කර තිබෙන රිට් පෙත්සම වෙනුවෙන් අනුජ ප්‍රේමරත්න ඇතුළු නීතිඥයෝ කණ්ඩායමක් අද (04) දින අධිකරණයේ පෙනී සිටින ලදි.
සිය පුත්‍රයාට එරෙහිව නිකුත් කරන ලද රැඳවුම් නියෝගය නීතිවිරෝධී බව ප්‍රකාශ කරන ලෙස ඉල්ලා කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාගේ මව විසින් අභියාචනාධිකරණයට මෙම රිට් පෙත්සම ගොනු කර තිබෙනවා . ඒ අනුව ඇය විසින් හබයාස් කෝපස් සහ රිට් අධිකරණ බලය මගින් නියෝගයක් ඉල්ලා මෙම රිට් පෙත්සම ගොනු කර තිබෙනවා .
පසුගියදා රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කල අවස්ථාවේදී මෙන්ම පසුගිය වකවානුවේ විපක්ෂයේ දුෂීත දේශපාලනඥයින් අධිකරණයට ඉදිරිපත් කරන බොහෝ අවස්ථාවලදී මෙම අනුජ ප්‍රේමරත්න ඇතුළු නීතිඥයින් පිරිස ඔවුන් වෙනුවෙන් පෙනී සිටි අතර ඒ පිරිසම කෙහෙල්බද්දර පද්මේ වෙනුවෙන්ද අධිකරණ ඉදිරියේ පෙනී සිටිම ඔවුන් අතර ඇති දේශපාලන සම්බන්දතාවය කියාපාන්නක් බව විචාරකයින් පෙන්වා දෙයි.
මෙම පෙත්සමේදී ඇය විසින් නඩුව අවසාන තීරණය ගන්නා තෙක් රැඳවියා අපරාධ පරීක්ෂ දෙපාර්තමේන්තුවෙන් පිටත ඕනෑම ස්ථානයකට මාරු කිරීම වැළැක්වීම සඳහා අතුරු සහනයක් ඉල්ලා තිබෙනවා .
ඒ අනුව මෙම කාරණය විභාගයට ගත් විට නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණයට සහතික වී ඇත්තේ නඩුවේ කරුණු පරීක්ෂා කර තහවුරු කරන තුරු රැඳවියා වෙනත් ස්ථානයකට මාරු නොකරන බවයි .
රැඳවියා දෙපාර්තමේන්තු පරිශ්‍රයේ රඳවා සිටින අතරතුර අපරාධ පරීක්ෂ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන සියලුම පරීක්ෂණ කටයුතු පවත්වන බවත් නීතීඥවරයා අධිකරණය හමුවේ පවසා ඇත්තේ .
මෙම පෙත්සම චමීර හපුතන්ත්‍රී මහතාගේ උපදෙස් මත ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න, සෙනාල් මතුගන, නාලක සමරකෝන්, රජින්ද්‍ර කන්දෙගෙදර යන නීතීඥවරු පෙත්සම්කාරිය වෙනුවෙන් පෙනී සිටින අතර නඩුව එළැඹෙන 23 වැනිදා කැඳවීමටද නියමිතයි .