ColomboXnews

News | Gossip | Political | Entertainment

LeadNews

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ CID අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, ඔහු ජනාධිපති ධූරය දැරූ සමයේ සිදුකළ විදෙස් සංචාර සම්බන්ධයෙන් සිදු කරමින් ඇති විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා අද (අගෝස්තු 22) පෙරවරුවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණි අවස්ථාවේදී ය.

ඒ අනුව, ඔහු කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන විත් ඇති අතර අධිකරණයේ ආරක්ෂාව දැඩි කිරීමට ද පියවර ගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබූ අතර, ජූනි 24 වන දින කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට මේ සම්බන්ධයෙන් කරුණු වාර්තා කර තිබිණි.

හිටපු ජනපති රනිල්ගේ සංචාර 23කට මිලියන 600කට වැඩි වියදමක්

2022 වසරේ ජූලි 20 සිට 2024 සැප්තැම්බර් 23 දක්වා වසර දෙකකට ආසන්න කාලය තුළ බලයේ සිටි ජනාධිපතිවරයා වූ රනිල් වික්‍රමසිංහ විදෙස් සංචාර 23කට සහභාගී වී ඇති අතර, එක් එක් විදේශ සංචාර පිළිබඳව තොරතුරු පරීක්ෂා කිරීම මෙතෙක් අවසන් වී නොමැති බවට මීට පෙර තොරතුරු දැනගැනීමේ පනත යටතේ බීබීසී සිංහල කළ තොරතුරු විමසීමකදී ජනාධිපති ලේකම් කාර්යාලය ප්‍රකාශ කළේ ය.

එක් එක් වර්ෂයේ ඔහුගේ විදේශ සංචාර සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ වැය ශීර්ෂය යටතේ වැය වී ඇති වියදම් පහත පරිදි ය.