ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

එළවන්න කළින් බන්දුල කරුණාරත්න විශ්‍රාම යයි – වැඩබලන අභියාචනාධිකරණ සභාපති විනිසුරු ලෙස විනිසුරු මොහොමඩ් ලෆාර් තාහිර් පත්කරයි

වැඩබලන අභියාචනාධිකරණ සභාපති විනිසුරු ලෙස මෙම අධිකරණයේ දැනට සිටින ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරයා වන විනිසුරු මොහොමඩ් ලෆාර් තාහිර් පත්කර ඇත.

ඒ අනුව වැඩබලන අභියාචනාධිකරණ සභාපති විනිසුරු ලෙස විනිසුරු මොහොමඩ් ලෆාර් තාහිර් ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීම අද (02) සිදුවිය.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු බන්දුල කරුණාරත්න විශ්‍රාම පූර්ව නිවාඩු ලබාගෙන ඇති අතර, එය ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පිළිගෙන ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව නව වැඩබලන අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයෙකු පත්කරන තෙක් මෙම පත්වීම වලංගු වනු ඇත.

අභියාචනාධිකරණයේ හිටපු සභාපති විනිසුරු බන්දුල කරුණාරත්නට එරෙහිව ආණ්ඩුව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරන බවට නිවේදනය කිරීමත් සමග ඔහු සිය විශ්‍රාම යෑම නිවේදනය කළේය.