ColomboXnews

News | Gossip | Political | Entertainment

LeadNewsSlider

breaking news; රනිල් වික්‍රමසිංහ මුලික මිනිස් අයිතිවාසිකම් කඩකරලා..! හැකි ඉක්මනින් පළාත් පාලන ඡන්ද විමසීම පවත්වන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

ඉකුත් වසරේ මාර්තු මස 09 වනදා නියම කළ පරිදි පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීම තුළින් එවක මැතිවරණ කොමිසමේ සාමාජිකයින් හා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. 

ඒ අනුව හැකි ඉක්මනින් පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය මැතිවරණ කොමිසමට නියම කර තිබේ.

වත්මන් ජනාධිපතිවරයා මුදල් ඇමතිවරයා ලෙස මැතිවරණය සදහා ආදාල මුදල් ලබානොදීම හේතුවෙන් පලාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීම තුළින් ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ පැෆ්රල් ආයතනය විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම්වල තීන්දුව දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝග නිකුත් කළේය.

ජනාධිපතිවරයා විසින් අවස්ථා ගණනාවකදී ජන්දයක් පැවැත්වීමට නොමැති බවත් ඒ නිසා මුදල් වෙන්කල නොහැකි බවත් පවසමින් පලාත් පාලන මැතිවරණය පැවැත්වීමට බාදාකල අතර ඒ නිසා අවස්ථා දෙකක්දී මැතිවරණය කල්දැමීමට සිදුවිය. ඒ හේතුවෙන් මිලියන ගණනක මුදලක්ද වියදම් වු අතර කෙසේ වෙතත් තම දේශපාලන පැවැත්ම උදෙසා රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ වත්මක් ආණ්ඩුව විවිධ තර්ක මතුකරමින් මැතිවරණය නොපවත්වන ලදි.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විජිත් මලල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු, ගාමිණී අමරසේකර සහ යසන්ත කෝදාගොඩ යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ලබා දුනි.

සැලසුම් කළ පරිදි පළාත් පාලන ඡන්ද විමසීම මාර්තු මස 9 වැනිදා නොපැවැත්වීමෙන් මෙරට ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට චෝදනා කරමින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර තිබිණි.

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති, ජාතික ජන බලවේගයේ ලේකම් නිහාල් අබේසිංහ සහ පැෆ්රල් සංවිධානය සහ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය මෙහි පෙත්සම්කරුවෝ වෙති.

මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා, නීතිපතිවරයා, රජයේ මුද්‍රණාලයාධිපතිනිය, පොලිස්පතිවරයා, මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයන්, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයන් ඇතුළු තිස් පස් දෙනකු නම් කර තිබුණි.