අරුණ දර්ශණ ඉතිහාසය වෙනස් කරයි..! පැරිස් ඔලිම්පික් උළේලේ මීටර 400 අවසන් පූර්ව වටයට වටයට පිවිසෙයි – ( වීඩියෝ සහිතයි)
අරුණ දර්ශණ පැරිස් ඔලිම්පික් උළේලේ මීටර 400 අවසන් පූර්ව වටයට තේරෙන්නේ ලංකා ඉතිහාසයේ ඔලිම්පික් උළෙලක අවසන් පූර්ව වටය තෙක් ගිය පළමු ශ්‍රී ලාංකිකයා ලෙසය.
ලෝක ශ්‍රේණිගත කිරීම්වල 51 වැනියා ලෙස ඔලිම්පික් උළෙලට සහභාගී වූ අරුණ දර්ශන මෙතෙක් වාර්තා කර තිබූ ඔහුගේ හොඳම කාලය වී තිබුණේ තත්පර 45.53කි. එහෙත් තරග හයකින් සමන්විත මූලික වටයේ 05වන තරගයේ දී තුන්වන ස්ථානය දිනාගත් අරුණ දර්ශන එම ජයග්‍රහණය ලබන්නේ 44.99ක් ලෙස සිය හොඳම කාලය වාර්තා කරමිනි.
සුගත් තිලකරත්නගෙන් පසු තත්පර 45ට අඩුවෙන් අවසන් කළ පළමු ක්‍රීඩකයා අරුණ දර්ශන ය.
පැරිස් ඔලිම්පික් උළෙලේ පිරිමි මීටර් 400 ධාවන ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජන කරමින් සහභාගි වූ අරුණ දර්ශන එහි අවසන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට සමත් විය.
ඒ අනුව ඔලිම්පික් ඉතිහාසයේ මීටර 400 ඉසව්වකින් අවසන් පූර්ව වටයක් දක්වා ඉදිරියට ගිය පළමු ශ්‍රී ලාංකිකයා ලෙසින් වාර්තා අතරට යාමට අරුණට හැකිවිය.