ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු මන්ත්‍රි ආර්. සම්පන්දන් දිවි සැරිය නිමා කරයි

ශ්‍රී ලාංකේය දේශපාලන ඉතිහාසයේ වෙනස්ම ආකාරයේ භූමිකාවක් රූපණය කළ ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු මන්ත්‍රි ආර්. සම්පන්දන් දිවි සැරිය නිමා කර තිබේ. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අභාවප්‍රාප්ත වී තිබේ.

වර්ෂ 1933 පෙබරවාරි මස 05 වැනිදා උපත ලබන ආර්.සම්පන්දන් හෙවත් රාජවරෝදියම් සම්බන්දන් මිය යන විට ඔහු 91 වැනි වියේ පසුවූයේය. ඔහු වෘත්තීය නීතිඥවරයෙකි.

දේශපාලකයෙක් ලෙස දෙමළ ජාතිකත්වය ඔප් නැන්වීම සඳහා ජීවිතය කැප කළ සම්පන්දන් මුලින්ම පාර්ලිමේන්තුවට පිවිසෙන්නේ වර්ෂ 1977 දී ය. ඔහු 77 සිට 83 තෙක් පාර්ලිමේන්තු වාරයේ මන්ත්‍රිවරයෙක් ලෙස පාර්ලිමේන්තුව හෙබවූයේ ය. එමෙන්ම 1997 සිට 2000 දක්වා ද,  ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රිවරයෙක් ලෙස සම්පන්දන් වර්ෂ 2001 සිට මිය යන මොහොත දක්වා ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කළේය.

වර්ෂ 2015 සිට වර්ෂ 2018 දක්වා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකයා වූයේ ආර්. සම්පන්දන්ය. පරිණත දේශපාලකයෙක් ලෙස ඔහු එම භූමිකාව සිදු කළ ආකාරය බෙහෙවින්ම ගෞරවයට පාත්‍ර වී තිබිණි.