ColomboXnews

News | Gossip | Political | Entertainment

LeadNewsSlider

ඊයේ පැවති ජනහමුවේදී පොළොන්නරුවේ සජබ මන්ත්‍රී කිංස් නෙල්සන් වේදිකාව මතදීම සජිත්ගේ නිරුවත් කරයි.. වීඩියෝ සමඟ සියලු විස්තර මෙන්න..!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රාදේශීය සංවිධායකවරුන් කිහිප දෙනෙකු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වී සමගි ජන බලවේගය සමග එක්වී තිබෙන බව ප්‍රවෘත්ති නාලිකා කිහිපයක්ම වාර්ථා කර තිබුණා. ඒ සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක ජන පවුර වැඩසටහනේ පොළොන්නරුව දිස්ත්‍රික් රැස්වීම පැවැති අවස්ථාවේදී ය. මෙම රැලිය සංවිධානය කර තිබුනේ මේ වනවිට රනිල් වික්‍රමසිංහ සමඟ ඉතා සමීප ගනුදෙනුවක් පවත්වාගෙන යන සජබ මන්ත්‍රී කිංස් නෙල්සන්ය.

ජනතා විමුක්ති පෙරමුණේ පොළොන්නරුව නගර සභාවේ අපේක්ෂකයෙකුව සිටි එච්. සමන්ත බණ්ඩාර මහතා ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය හා එක්ව ඇති බව එම පුවත් හරහා වැඩි දුර තොරතුරු අනාවරණය කරනය කර තිබුණා. විශේෂයෙන් මෙ ්දිනවල සජිත් පේමදාස මහතාට සහාය පලකරන හිරු නාලිකාව මෙම සිදුවීමට ඉහල වටිනාකමක් දෙමින් වාර්තා කර තිබුණි.

කෙසේ නමුත් අපකල තොරතුරු සොයාබැලීමේදී සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය ලබාදුන් බව කියන ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකයා යැයි කියූ හිටිහාමිල්ලාගේ සමන් බණ්ඩාර යනු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම අපේක්ෂකයෙකු බව අනාවරණය උනා. සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගේද දැඩි විවේචනයට ලක්ව ඇති අදාල සිදුවීම සමගි ජනබලවේගය විසින් සිතාමතාම ජනතාව නොමගයැවීමේ අරමුනින් යුක්තව බෙදා හරින ලද තවත් අසත්‍ය තොරතුරක් බව සමාජ මාධ්‍ය හරහා චෝදනා එල්ල වෙමින් පවතිනවා.

මෙම රැස්වීම සංවිධානය කල සජබ මන්ත්‍රී කිංස් නෙල්සන් පසුගිය සමයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ සමීපව ඇසුරු කරන අතර ජනාධිපතිවරයා සමඟ විදෙස් සංචාර සදහාද එක්විය. එමෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට හිමි නොවන සංවර්ධන ව්‍යාපෘති සදහා ලබාදෙන මුදල් ආධාර යටතේ කෝටි 05 ක මුදලක් රනිල් වික්‍රමසිංහ විසින් සජබ කිංස් නෙල්සන් මන්ත්‍රීවරයාට ලබාදී තිබුනි. ඒ අනුව බැලීමේ දී කිංස් නෙල්සන් මහතා ඊයේ ජනහමුවේදී සජිත් පේමදාස මුලාවේ දැමු බවක් පෙනෙන්නට තිබේ. සමාජජාල වල මේ පිලිබදව පලකරන පෝස්ට් වල දක්නට ලැබුනේ කිංස් නෙල්සන් වේදිකාව මතදීම සජිත්ගේ කලිසම ගලවා දැමු බවයි.

මේ පිලිබදව ඊයේ මන්නාරමේ පැවති ජනහමුවකදී ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ද සමගි ජන බලවේගයේ මෙම හැසිරීම පිලිබදව ඉතා හාස්‍යයට ලක් කරමින් අදහස් පලකර තිබුණි. ඒ පිලිබදව සමාජ ජාල තුල සංසරණය වන වීඩියෝවක් පහතින් දැක්වේ.